දුප්පත් දරුවන්ගේ පොත් කඩේට විකුණු මිගමු පොහොට්ටුකාරයෝ නිදැල්ලේ ???

0
113

මීගමුව මහනගර සභාවේ මහජන මුදල් වැය කරමින් දුප්පත් දරුවන්ට බෙදාදිම සදහා තිබුණ පොත් තොගයක් අද විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් ඉතා ශුක්ෂම ලෙසින් ක්‍රියාත්මක කර තිබුණ මෙහෙයුමක් ප්‍රතිඵලයක් ලෙසින් අල්ලා ගන්නට හැකිව තිබේ.
මේ සදහා විපක්ෂයේ අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරමින් ජනතාවගේ පැත්තේ හිටගත් මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම සාමුහිකව මැදිහත්වි තිබිම විශේෂත්වයක් විය.
මේ පොත් විකුණු ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට උසාවියට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග දක්වා සිටි.

දුප්පත් දරුවන්ට බෙදිමට ගෙනා පොත් අයතා ලෙසින් පිටට අලෙවි කිරිම වලකා ලිම සදහාම මිගමුව මහනගර සභාවේ නිළ ලාංඡනය පවා මුද්‍රණය කර තිබියදි ආදාල ව්‍යාපාරිකයාට මේ පොත් අලෙවි කළ තැන්තාව අනිවාර්යෙන්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත යුතුව තිබේ.

දැනට වාර්තා වි ඇත්තේ පොදුජන පෙරමුණ සම්න්ධ තරුණ බලවේගයක අයෙකුගේ නම අදාල ව්‍යාපාරිකයා විසින් ප්‍රකාශ කර ඇති බවය.

දුප්පත් දරුවන්ට බෙදිමට ඇති පොත් විකුණා හම්බකිරිමට පොහොට්ටුකාරයන්ට ඉඩ ලබාදිම පිළිබදව අනිවාර්යෙන්ම චෝදනා එල්ල විය යුතුව ඇත්තේ නගාරාධිපති දයාන් ලංසාට සහ නාගරික කොමසාරිස්තුමිය වෙතය.

මෙතෙක් හැංගි හැංගි එකිනෙකාව ආරක්ෂා කරගනිමින් සිදුකරමින් සිටි ජාවාරම් දැන් පොත් මගඩියත් සමගින් අතටම හසුවි තිබේ.

අයවැයට පක්ෂ වු ජනතා ද්‍රෝහි එජාප මන්ත්‍රිවරුන් අතදිගහැර පොත් ලබාදුන් නගරාධිපති දයාන් ලංසා සහ නාගරික කොමසාරිස්තුමිය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කල එජාප මන්ත්‍රිවරුන්ට මෙන්ම ,ජවිපෙ මන්ත්‍රිටද, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරයාටද පොත් ලාබා නොදෙමින් පලිගෙන තිබුනේ සැබැවින්ම ඒ කොට්ටාශවල දුප්පත් දරුවන්ගෙන්ය.

ගිය වසරේ පමණක් රුපියල් ලක්ෂ 138 ක පොත් මිළට ගෙන තිබුණ අතර ඒ පොත් මිගමුවෙන් පිට ගම්පහ දිස්ත්‍රික්කය පුරාම බෙදා හැරනු බව නගර සභාව තුල අද ප්‍රසිද්ධ රහසක් වන අතර ඒ ගැන අභ්‍යන්තර විගණනයක් සිදුවෙමින් ඇති බව වාර්තාවේ.
මෙවර පොත්වල නගර සභා ලාංජනය පවා මුද්‍රණය කර තිබියදි කඩවලට පොත් විකුණා ඡාවාරම් කිරිමට තරම් නිහින තත්වයකට පත්ව ඇති පොහොට්ටු කාරයන් පසුගිය වසර වලදි කොයිතරම් නම් පොත් විකුණන්නට ඇතිදැයි තිරණය කිරිම මිගමුවේ බදුගෙවන ජනයාට භාරය