දුප්පතුන්ට බෙදන්න දුන්න රු 5000 දෙන්නේ කාටද ? ප්‍රාදේශිය ලේකම් මේ ලයිස්තු ප්‍රසිද්ධි කළ යුතුයි !

0
77

MC and jayaweeraකොරෝනා අර්බුදය හේතුවෙන් වඩාත් අසරණ වි සිටින ජනයා හට ලබාදිම සදහා යැයි කියා රජය විසින් තින්දු කොට ඇති රු 5000 ක මුදල මිගමුවේ දි එහෙම පිටින්ම පොහොට්ටු  දේශපාලකයන් විසින් මැතිවරණය ප්‍රචාරක අල්ලසක් බවට පත්කරගෙන තිබේ. මේ බොහොමයක් කොට්ටාශ වලදි මාලු ව්‍යාපාරිකයන්ට මෙන්ම සිල්ලර බඩු කඩහිමියන් ද ඇතුලු තවත් බොහෝ ඇති හැකි අයටද පොර්ම ලබාදි ඒවා අත්සන් කරගෙන ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
මේ පසුබිම තුල මිගමුවේ ප්‍රාදේශිය ලේකම් තුමියගේ මැදිහත්විම යටතේ මෙසේ මුදල් ලබාදෙන සියලු පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධි කළ යුතුව ඇත්තේ පොහොට්ටු මන්ත්‍රිලාගේ මේ  මගඩි හෙළිකරගැනිම සදහාය.
එසේ හෙළිනොකරන්නේ නම් තොරතුරු දැනගැනිමේ පණතේ ඇති ප්‍රතිපාදන ප්‍රකාර මේ සැම කොට්ටාශයකම විස්තර ඉල්ලා සිටිමට පියවර ගන්නා ලෙස සෑබැ පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු.