දුප්පතුන්ට සහන බෙදපු රංජන්ට හැමවිටම බාධා කළ මාදිවෙල පොලිසිය ඉල්ලන් කයි !

0
70

ranja 1( 8.15 pm ) රංජන් රාමනායක සිය මන්ත්‍රි නිල නිවස භාවිතා කළේ  රට තු මතුව ඇති තත්වය හමුවේ පිඩාවට පත් ජනයාට සහන සැලසිම සදහාය.
ඔහු ඒවා සියල්ල ප්‍රසිද්ධියේම කළේය.රටම පෙන්විය. හාල් එළවලු එන යන හැටි බෙදන හැටි රටම දන්නේය.
මේ රටේ පාර්ලිමේන්තුවේ මිනිස් භාග ලෙස හැදින්විය හැකි බහුතරයක් සිටියදි අතලොස්සක් පමණක් ජනදුක නිවිමට හැකි පමණින් කටයුතු කළ අයුරු අද රටම දනි.
තතු එසේව තිබියදි මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකිර්ණයේ පොලිස් මුරපොල නිලධාරින්ද කළයුතුව තිබුනේ ඒවා සියල්ල තේරුම් ගෙන හැකි අයුරින් සහය දිමටය.
එහෙත් එය එසේ නොවිය. ට
එහි ඇතැම් ලොක්කන් හිටියේම හරහටය.
රංජන්ගේ වචන වලින් කියන්නේ නෙම් ගේමටය.
ඒ නිසා ඔවුන්ට රංජන්ව කෙසේ හෝ පටලවා ගැනිමට ඕනෑ විය.
එහෙත් දැන් මාදිවෙල පොලිස් ලොක්කන්ගේ මේ පටලවා ගැනිම රටේම පොලිසිය බලුවෙන ගානට අද උසාවියේදි පත්ව තිබුණි.
එපමණක් නොව රජයේදි රෙදි ගැලවුනි. ලු
රටේ තත්වය නිසා පිළිපදිනවා වුවද දැන් ඇත්තේ නිති විරෝධි ඇදිරි නිතියකි.
දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මහතා අද එය ලෝකයටම පෙන්වා දුනි.
එවන් නිර්භිත මැදිහත්විමකට ගිය සුමන්තිරන් මහතාට මේ රටේ ප්‍රගතිශිලි ජනායාගේ ප්‍රසාදය අනිවාර්යෙන්ම හිමිවනු ඇත.
ඇත්තටම රංජන් රාමනායක වැනි අයුක්තියට එරෙහිව හැප්පෙන දේශපාලකයෙකු අද හිටගත යුත්තේ සුමන්තිරන්ලා වැනි අයත් සමගින් මිස දෙමළ ජනතාව ගැන කිසිදු ස්ථාවරයක් නැති සිනිබෝල දේශපාලකයන් වැනි වු සජිත්ලා සමගින් නොවේ.