දුම්රියේ ගැටී අනූ නමයෙන් ජීවිතේ බේරෙයි

0
66

ජුලි 20 වනදා සවස 5.30ට පමණ මීගමුව අලුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල ආසන්නයේ ඇති  දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රීෙරා්ද රථයක් දුම්රියේ ගැටිණි. මෙම ත්‍රීෙරා්ද රථයේ ගමන් ගත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වන අතර ඔවුන් ගැටුනේ කොළඹ සිට මීගමුවට පැමිණි සීඝ්‍රගාමී බලවේග දුම්රියකය. දුම්රියේ ගැටූන ත්‍රීෙරා්ද රථය එතැනින් පසෙකට විසිවී පෙරළී ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැත. මෙම ස්ථානයේ මීට පෙර දුම්රිය අනතුරු කීපයක්ම සිදුවූ අතර මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ දිවි ගැලවීම ද වාසනාවකි.