දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමේ තාවකාලික කඩඉවත්කරන්න නගරාධිපති අකමැතිද?

0
55
නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත.
නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත.

මීගමුව රාජපක්ෂ පලල් පාරේ රීගල් සිනමා ශාලාව ආශී‍්‍රතව වසර ගනනාවක් වෙළදාම් කටයුතු කල වෙළෙදුන් පසුගිය කාලයේ ඉවත් කරන ලද්දේ එම ස්ථාන වල ඇති බැංකු වැනි ආයතන වලට බාධා ඇති වන බව පවසමිනි.

මීගමුව මහා නගර සභාව විසින් එලෙස එම ස්ථානයෙන් ඉවත් කල එම වෙළදුන් ට තම වෙළදාම් කටයුතු කර ගැනීමට වෙනත් ස්ථානයක් ලබා දෙන බවට පොරොන්දු වු අතර ඒ සදහා ඞී.එස් සේනානායක මාවතේ ( නයිට් බසාර් පාර ) දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් හිස් බිම් කොටසක් මාස 06 කට බදු වශයෙන් ලබාගැනිමට කටයුතු සැලසුම් කර තිබුනේ 2012 වසරේදිය.
බැංකු සහ අනෙක්තු අවැසිතා සදහා 25 දෙනෙකුට පමණක් තාවකාලික කඩ හැදිමට තිබු අවශ්‍යතාවය පසුව 50 දෙනෙකුද ඉක්මවා ගොස් තිබුණි.
ඒ කටයුත්ත සම්බන්ධිකරණය කරන ලද ෆරිස් නම්වු නාගරික මන්ත්‍රිවරයා ලක්ෂා ගාණක මුදලක් මේ කඩ මෙහෙයුම මගින් එක්රැස්කරගෙන තිබුණි.
කෙසේ වෙතත් මීට මාස 2 කට ඉහතදි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා පවසා සිටියේ දෙසතියක් ඇතුලත ඒ  තාවකාලික කඩ සියල්ල ඉන් ඉවත් කරන බවය.
එහෙත් අදටත් එය සිදුව නැත.
අඩුම කරමින් ඒ ඇති සුදානම් ගැන  පුවතක් වත් නැත.දුම්රිය දෙපාර්තමේන්තුව බලා සිටිනේනේ මාස 6 කට පොරොන්දුවි නගර සභාව විසින් ලබාගත් ඉඩම වසර 2 කක් ගිය පසුව හෝ නගර සභාව විසින් ලබාදෙනු ඇතැයි කියාය.