දුරකථනයේ කාන්තා අපේක්ෂිකාවන්ට ගම්පහින් පාර්ලිමේන්තු වරම් අහිමියිද ?

0
60

නිරෝෂාගම්පහ සමඟි බලවේගයේ මැතිවරණ සටන දැනට ඇදි යන ආකාරය අනුව එය විසින් අත්පත්කරගැනිමට මන්ත්‍රිධුර ගණන පිළිබදව දැනටමත් ඉඟි ලැබෙමින් පවති.
මධ්‍යස්ථ විචාරකයන්ට අනුව සමඟි බලවේගය විසින් ගම්පහින් ලබාගතහැකි යැයි අනුමාන කරනු ලබන මන්ත්‍රි ගණන වන්නේ 3 ක් හෝ 4 කි.
දැනට මේ අතරට වැටෙතැයි අනුමාන කරනු ලබන අපෙක්ෂකයන් අතර සිටිනුයේ රංජන් රාමනායක,විජිතමුණි සොයිසා,හර්ෂණ රාජකරුණා සහ අජිත් මාන්නප්පෙරුම යන අයවලුන්ය.
මේ පසුබිම තුල සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියද සැක කටයුතු වි තිබේ.
පවතින යථාර්ථය තුල සමඟි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට එකඳු කාන්තා මන්ත්‍රිවරියක් පත්විම මෙවරද අවිනිශ්චිත තත්වයක පවති.