දුර්ගා මාතාවටත් මොබයිල් ඇප් එකක්

0
184

‍පසුගිය දිනවලදී  ඉන්දියාවේ හින්දු බැතිමතුන් ඔවුන්ගේ ආගමික පිළිගැනීමක් වන ‘දුර්ගා මාතාව ‘පිදීමේ මහා මංගල්ලය සැමරූහ. ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල  හා බැංගලෝරයේද විශාල වශයෙන් ජනයා දුර්ගා මාතාව සිත්තම් කළ තොරන් වලින් සරසන ලදී. ජනයා දුර්ඝා මාතාව පිදීමේ නොයෙක් පුදපූජා වත්පිළිවෙත් වල නියලුනහ. මේ අතර මේ උත්සව සමය වෙනුවෙන් අලුත් ජංගම දුරකථන මෘදුකාංගයක් හදුන්වාදීමට ද ඉන්දියාවේ තාක්ෂණික ක්ෂේත්‍රෙය් ප්‍රමුඛයෝ සමත් වූහ. ජංගම දුරකථන වලට ඇතුලත් වූ මේ අලුත් ඇප් එකෙන් බැතිමතුන්ට දුර්ගා මාතාව පිදිම සඳහා පහසුවන  පැහැදිලි මගපෙන්වීමක් ද ක්‍රියාත්මක විය. 5872315