දුෂ්කරතා සමඟ පොර බඳින ජනතාව වෙනුවෙන් හඬක් නැගිය යුතු අවස්ථාවක නායකත්වයට පොර බැඳීම ?

0
101

UNP-2020අද එක්සත් ජාතික පක්ෂයේ කනගාටුදායකම දිනයක් වී ඇත . සැමවිටම ශ්‍රේෂ්ට බලවතුන්ගේ හා විනයගරුක දේශපාලනයන්ගේ පක්ෂයක් වූ එ ජා ප අද හැසිරුනේ ඊට හාත්පසින්ම විරුද්ධ අයුරින්ය.
ඉහළ ජීවන වියදම, පොහොර නොමැතිකම, සාමාන්‍ය ජනතාවට දැනෙන දුෂ්කරතා වැනි බොහෝ කාරණා සමඟ පොර බඳින ජනතාව වෙනුවෙන් හඬක් නැගිය යුතු අවස්ථාවක දී අපි පක්ෂයක් වශයෙන් මෙසේ නායකත්වයට පොර බැඳීම පක්ෂයට ආදරය කරන එක්සත් ජාතික පක්ෂ චන්ද දායකයාට කරන අසාධාරනයකි.

මම එක්සත් ජාතික පාක්ෂියෙක් වීම ගැන ආඩම්බර වෙමි. මමත් මේ රට වෙනුවෙන් මියගිය එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකුගේ පුතෙකි .. මගේ පක්ෂපාතිත්වය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ අපගේ හදවතේ සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ය .
නායකයින් එකට එකතු විය යුතුය .. එකමුතුව ඉදිරියට යාමට තීරණයකට පැමිණිය යුතුය.මෙම ගැටුමෙන් සිදුවන හානිය දරාගත නොහැකි අතර අපගේ ප්‍රමුකතා නිවැරදිව හඳුනාගැනීමට කාලය පැමිණ තිබේ.
මගේ රට සහ මගේ පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ යුතුකම් නොපිර්හෙලා ඉටු කිරීම මාගේ අභිලාශයයි
නවින් දිසානායක
ජාතික සංවිධායක
එක්සත් ජාතික පක්ෂය

මේ අතර ඊයේ පැවැති එජාප රැස්විමේදි නායකත්වය පිළිබදව කිසිදු එකඟතාවයකින් තොරව රැස්විම අවසන්ව තිබියදි ඉන් අනතුරුව සජිත් පිළ නිත්‍යාණුකුල නොවන ලෙස ව්‍යස්ථාවට පටහැනිව ඡන්දය පවතා එහිදි බහුතරයකගේ කැමැත්ත සජිත්ට බවට ගෙන යන ප්‍රචාරයන් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචන මේ වන විට මතුවෙන්නට පටන්ගෙනය.
මෙවන් බරපතල අවස්ථාවලදි පවා වගකිමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ නිළ නොවන දැ ජනගත කිරිමට උපන් රුසියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පි. ගැන බරපතල චෝදනාද මේ වන විට එල්ල වන්නට පටන් ගෙනය.
ඒ ඔහුගේ වගකිම් විරහිත බව පිළිබදවය.
එජාපයේ ප්‍රබල තනතුරක් දරන ෂමල් සෙනරත් සිය FB  පිටුවේ මෙසේද සටහන් කර තිබුණි.shamal
ඡායා- theleader.lk