දුෂ්මන්ත චමීර නැවතත් දිවයිනට..

0
68

 

chameera2ශ්‍රීලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වී තිබෙනවා.මේ ආබාධය සිදුවී ඇත්තේ ඔහුගේ කොන්දේ පහල ප්‍රදේශයටයි. ඊයේ උදෑසන ඔහුව MRI හා CT ස්කෑන් පරීක්ෂණ සදා යොමු කර ඇති අතර එමගින් තහවුරු වී ඇත්තේ කොන්දේ පහල කොටසේ අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි. එම නිසා වෛද්‍යවරුන්ගේ නිර්දේහය වී ඇත්තේ ඔහු අවම වශයෙන් මාස 4ක පමණ කාලයක්වත් ප්‍රතිකාර ගනිමින් විවේකීම ගත කල යුතු බවයි. එම නිසා ඔහු නැවතත් වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත් දිවයිනට එවීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කරන ක්‍රීඩකයා පිලිබදව මේ පැය 24 ඇතුලත ඔවුන් තීරණය කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.