දූෂණ මර්ධකයෝ -තරුණියකගේ ආත්ම ගෞරවය කෙලෙසයි

0
241
මනුෂ්‍ය ජීවතවලට වටිනාකමක් නැති රටක, මිනිසුන්ගේ ආත්ම ගෞරවය ගැන කුමන කථාද ?
ddvv

ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බුන්දලම ගමේය. නමින්—— වූ ඇයට, හම්බන්තොට පොලිසිය පොලිස් පණීවුඩයක් ගෙන ආවේය. එම පණිවුඩයේ සඳහන් දේ – පණිවුඩය ගෙනා පොලිස්කාරයා මුළු ගමටම පෙන්වා ඇවිද තිබේ.

 

IMG 0006

වලාන දූෂණ මර්ධන ඒකකයේ පොලිස් පණීවුඩයට අනුව – කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා හි පවත්වාගෙන ගිය බවට ප්‍රකාශිත ,සුපිරි ගණිකා මඩමට, අදාල පරීක‍ෂණ සඳහා, ප්‍රකාශයක් ගැනීමට කරන ලද කැඳවීමකි. ඇය, ඇගේ දෙමාපියන් ඥාති හිතවතුන් කම්පාවට පත් විය. භියට පත්විය. ලැජ්ජාවට පත්විය. සියදිවි නසා ගැනීමට තරම් මානසික ආතතියට පත්විය. මුළු ගමටම,  පොලිස් කාරයින්ට, ඇය ගණීකාවක් විය. ගමේ හාමුදුරුවන්, දේශපාලකයින් ප්‍රසිද්ධියේ නොකිව්වත්, රහසින් දොඩන්නට ඇත. නියම කල දිනය හා වේලාව 2011 ජනවාරි 26 දින උදේ 9’00 විය.

ඇගේ මව සහ ඥාතීන් කිහිපදෙනෙක් ඊයේ එනම් 2011. 01. 25 දින වලාන දූෂණ මර්ධණ ඒකකයේ ස්ථානාධිපතිව මුණගැසී කැඳවීම ගැන විමසූවට, ඔහු කියා ඇත්තේ, තමුසෙලාත් එකක් කතාවක් නැහැ, හෙට —- එක්කගෙන එනවා, එතකොට එයාගෙ වැඩ පෙන්වන්නම් කියාය.

2011. 01. 26 දින අලූයම පානදුරයට පැමිණි —– ර්‍ණ ඇගේ මව, සොහොයුරන් හා ඥාතීන් – වලාන දූෂණ මර්ධන ඒකකයට යන්නට හෝ නීති උපදෙසක් ලබාගැනීම පානදුර උසාවිය අසලට ගියේය. නීතිවේධී ම.දෝ. විජයපාල එහිදී ඔවුන්ට මුණ ගැසින. කථාවට සවන් දුන් ඔහු ගාස්තු වශයෙන් රුපියල් විසිපන්දහසක් (25.000/=) ගත්තේය. ප්‍රශ්ණය එතරම්ම බරපතල නිසාය.

ඔහු එම පිරිස රැගෙන ආවේ ජනසංසදයට ය.

ඒ, වලාන දූෂණ මර්ධනයට යාමට පෙර – අදාල තැන්වලට පැමිණීලි සකස් කර ගැනීමටය. වලාන දූෂණ මර්ධනය – ලිබර්ටි ප්ලාසා හි සුපිරි ගණීකා නිවාසයෙන් සොයාගත් දුරකථන අංකවල හිමිකාරයින් පසුපස පැන්නීම ආරම්භ කර ඇති බව එහිදී හෙළිවිය.ඒ අනුව අධිකරණයට ලබාදී තිබුනේ ඇගේ දුරකථන අංකය වේ. නමුත් අවශ්‍ය දුරකථන අංකය වෙන එකකි. වලාන දූෂණ මර්ධන ඒකකය කියා සිටියේ යතුරු ලියනයේදී සිදුවූ වරදක් බවත්, කණගාටුව ප්‍රකාශ කරන බවත්ය.

ම.දෝ/ විජයපාල නීතිවේධියා – වලාන දූෂණය කල මහ පොලව නුහුලන අපරාධය වසන් කිරීමට – ප්‍රකාශය ලියවෙව්වේ – විමර්ශන වලදී ඇය නිර්දෝෂී බව හෙළිවූවායැයි කියාය. එපමණක් නොව, ජනසංසදයට රැගෙනවිත් පිලියෙල කල පැමිණීලි තැපැල් නොකරන ලෙසටද ඇයට උපදෙස් දුන්නේය. වලාන දූෂණය හා පොලිසිය – —–පමණක් නොව, දෙමාපියන්ගේ හා ඥාතීන්ගේ ආත්ම ගෞරවය වනසා දමා ඇත. ඇය ද දැන් බොහෝ කෙනෙකුට සුපිරි ගණීකාවය.

මේ ලේබලය ඇගේ මරණින් පසුවද පවතිනු ඇත.  රට පාලනය කරන එවුන්හට යුක්ති ධර්මය අවශ්‍ය නැත.
මේ සිද්ධිය මාගම්පුර වැසියන්ට සිතන්නට හිස් ගෙඩි ඇත්නම් ප්‍රමාණවත්ය.

JS
උපුටා ගැනීම -http://peoplesforumsl.blogspot.com/2011/01/blog-post_27.html

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here