දූෂිත දේශපාලකයන්, ආසිරි ගන්වන ,ප්‍රශස්ති ගයන මිගමුවේ ඇතැමුන් හමුවේ ගරු ශිරාන් පියතුමෙනි ඔබ සෑබෑ දේවපුතෙකි !

0
177

IMG_20200607_094737IMG_20200607_094338මේ සමාජය තුල උසස් අධ්‍යාපන වරප්‍රසාද අහිමිව ගොස් සිටින තරුණ දරුවන් වෙත තාක්ෂණික අධ්‍යාපනය ලබාදි මේ සිය ජිවන ගමනට අපුරු අඩිතාලමක් සයපන්නට මුල්ව කටයුතු කළ සැලේසියානු නිකායේ ගරු ශිරාන් කැරැව්ගොඩ පියතුමන් හදිසියේ අප අතරින් සමුගෙනය.
මිට සති කිපයකට පෙර එතුමන් හෘදයාබාධ තත්වයකින් ජිවිතයෙන් සමුගෙන තිබුනේ පැරිස් නගරයේ දේව සේවයේ යෙදෙමින් සිටින අතරේය.
දුප්පතුන්ට සැම විටම  මුල් තැන ඒ  ප්‍රජාව වෙනුවෙන් සිය ජිවිතය කැප පුජක පුතුන්ගේ රැසක් එදා සිටි මිගමුවෙ අද සැබැවින්ම පත්ව ඇත්තේ අතිශය ඛේදජනක තත්වයකටය.
එදා සිටි පියරුවන් සමගින් සසදන කල්හි අද මීගමුවේ සිටින බහුතරයක් පියතුමන්ලාට ඇත්තේ විමුක්ති දහමක න්‍යාය පත්‍රයකට වඩා පුද්ගලික න්‍යාය පත්‍රයන්ය.
ඇතැම් පියතුමන්ලා තමන් දරන ඇතැම් නිළයන්ටද නිගා දෙමින් අතිශය දුෂිත දේශපාලකයන් පිළිගැනිමට යන, කලු සල්ලි වලින් කුමාර ජිවිත ගත කරන දේශපාලකයන් ආසිරි ගන්වමින් නොනැවති ප්‍රශස්ති ගායනා කරන්නට තරම් දීන වි ඇත.
පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුුතුවලට කලු සල්ලි ඉඹලා පිළිගන්නට ඇතැමුන් දැන් ගිජුවි සිටිති.
කිතුණු නගරයක සලකුණ එයට ඇතුලු වන සැමට දැක ගැනිමට යැයි කියා නගර මධ්‍යයේ ඇති ඔරලෝසු කණුව මත මරියමව්න්ගේ ප්‍රතිමාවක් තබන්නේ මිගමුවේ ප්‍රධානතම කලු සල්ලි පවුලේ අනුග්‍රහයෙනි.
ඉන් නොනැවති ඇතැමුන් සිය ලැගුම් ගෙය පවා පිලිසකර ගනිති.
ගරු ශිරාන් පියතුමා වැන්නෙකු අගය අපට වඩාත් දැනෙන්නේ දුප්පතුන්ගේ සභාවක් වු කතෝලික සභාවට සිය දුත කාලය තුල සැබැවින්ම ඉටුකරන්නට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෑබෑම පියතුමෙකි.
මීගගමුවට සංවර්ධන සැලැස්මක් හදන්න මිපුර පුවත්පත මුල්ව ඇරඹි පුරවැසි වැඩසටහනේ මුලිකයෙකුවු එතුමන්ට හැම විටම තිබුනේ ජනතා දේශපාලනය ගැන අදහසක් මිස කපටි දේශපාලකයන්ගේ කිළිටු හෝදන ප්‍රශ්ස්තිවදන් දොඩන වාසි පැත්තට හොයියා යැයි කියන ඇතැමුන් ආවඩ බල දේශපාලනය ගැන නම් නොවේ.
එවන් සෑබෑ දේවපුතෙකුගේ නිසල දේහය අද සවස් යාමෙයේ ලංකාවට ගෙන ඒමට නියමිත අතර එය හෙට දිනයේදි භුමිදානය කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here