දෙන්නාම ඇන්ටනිලාය

0
359

.
මේ දෙන්නාම මගේ පාසැල් මිතුරෝය. අපේ ගමේ ඇන්ටනිලා වැහි වැහැලාය. ගමේ දේවස්ථානය කැපකර ඇත්තේ සාන්ත අන්තෝනි ( St.Anthony ) මුනිතුමා නමිනි. ඇන්ටනි ලා මේ තරම් ඇත්තේ ඒ නිසාය.
මේ ඇන්ටනිලා වෙන්කර හදුනා ගැනීමට ඔවුන්ගේ නමට ඉදිරියෙන් තවත් කෙටි නමක් යොදා ඇත. ඒ නම කවුරුන් යෙදුවාදැයි ඔවුන්වත් නොදනිති. එය පටබැන්ද නමකි. මේ නිසා ඔවුන් නිකංම ඇන්ටනි ලා නොවේ.
නරි ඇන්ටනි, නොන්ඩි ඇන්ටනි,චන්ඩි ඇන්ටනි,මත්ත ඇන්ටනි, කෲස් ඇන්ටනි ආදී වශයෙන් මේසේ ඔවුන්ට නම් පටබැද ඇත.

මේ ඇන්ටනි ලා දෙන්නා සහ මම පුංචි කාලේ ඉගෙන ගත්තේ අපේ ගමේ පාසැලේය. මේ දෙදෙනාම ජීවත්වූ යේ අපේ නිවසට ආසන්නයේය. අපි උදේට පාසැල් යන්නේ එකටය. අපි කිලෝමීටරයක් පමණ දුරක් පාසැලට ඇවිදගෙන යනවා මතකය. අපේ පාසැලේ කිසිවෙක් සපත්තු හෝ සෙරෙප්පු පැලදුවේ නැත. පාසැල නිමවී අප ගිනි අවුවේ පාරේ ඇවිදගෙන ආවත් අපේ යටිපතුල් පිච්චුනේ නැත. ඒවා ගිනි අවුවේ වැල්ලේ ඇවිදලා හොදට පදම් වි තිබුනි.
මගේ මිතුරන් දෙදෙනාම ධීවරයෝය. ඔවුන් මුහුදට පොඩ්ඩක් හෝ බය නැති ධීවටයෝය.
මාළුන්ල වැඩිය හොදින් ඔවුන්ට මුහුදේ පීනන්න හැකියාව ඇත.
අපි එකිනෙකා පාසැලෙන් වෙන්වෙලා දැන් වසර පනහකටත් (50)වැඩිය.
ඒත් අපි තවමත් හොද යාළුවෝ වෙමු. ඔවුන් සමග දොඩමළු වන සැම මොහොතකම මතක් කරන්නට සුන්දර පාසැල් සමයක් අපට ඇත. ඔවුන් මුණ ගැසෙනා විට අතීතයේ ඒ සුවද මට යලිත් දැනෙන්නට පටන් ගනියි.

අශානෝ
2024.03.27