දෙනියවත්ත,සෙල්ලකන්ද ඇතුළු ප්‍රෙද්ශ කිපයක් ජලයෙන් යටවෙයි

0
312

ඊයේ (18) ඇද හැලුන වර්ෂාව හේතුවෙන් මීගමුවේ බෙහෝ ප්‍රදේශ  ජලයෙන් යටවිය. පෙරියමුල්ල සහ දලුපත ප්‍රෙද්ශයේ ද බොහෝ නිවාස ජලය  පිරි තිබුණි.  දෙනියවත්ත,සෙල්ලකන්ද,රබර්වත්ත,ගෝමස් වත්ත , ආශ්‍රිතව ගලාගෙන යන දෙපාඇලේ ජලය උතුරා ගොස් තිබු අතර ඒ අවට ගෙවල් 80 ක් පමණ ජලයෙන් යටවි තිබූනි. අද උදේ වනවිට මෙම ජල ධාරිතාව තවත් වැඩිවි තිබුණ අතර නිවාස වල පදිංචිකරුවන්ට එම මාර්ගවල ගමන් කිරීමට අපහසුතාවයක් පවතියි. මේ වනවිට ඔවුන්ගේ නිවාස වල ජලය රැදී ඇති බැවින් සාමාන්‍ය පරිදි ආහාර පිස ගැනීමට හැකියාවක් නොමැති අතර වැසිකිලි වලවල් උතුරාගොස් ඇති  බවත් ඔවුන් පවසයි. මේ වනතෙක් රජයේ හෝ කිසිදු සමාජ සේවා ආයතනයකින් මෙම ජනතාවට සහය විමට පැමිණ නැති අතර ජලය බැසයාමට තව දින කීපයක් ගතවනු ඇති බවට අනුමාන  කළ හැකිය.

වීඩියෝව – සුජායිල් මුනිර්