දෙපා ඇලෙන් මුදල් ගසා කෑ ෆරිස් ,දයාන් මේ විපතට වගකිවයුතුයි !

0
146

IMG-20190924-WA0009පෙරියමුල්ල දළුපත ප්‍රදේශය මිගමුව තුල විශාල ජනතාවක් මේ වන විට විපතට පත්ව සිටිති. ඒ දින කිපයක් තිස්සේ ඇදහැලෙන වැසි හේතුවෙනි. මේ ප්‍රදේශය ජලයෙන් යටවිමට බලපාන ප්‍රධාන හේතුව වි ඇත්තේ දෙපා ඇල සහ පෙත්තන් ඇල නිසාය.
ඉනුත් දෙපා ඇල ප්‍රධානය .
පසුගිය කාලය තුල අවස්ථා ගණනාවකදි මේ ඇල පිරිසිදු කිරිමට යැයි කියා මීගමුව මහනගර සභාවේ ඇතැමුන් වඩාත් උනන්දුවි තිබුනේ ඒ කොන්ත්‍රාත්තුව ගැනිමටය.
මේ අය අතර ඉදිරියෙන්ම සිටියේ වත්මන් නගරාධිපති දායන් ලංසා සහ නියෝජ්‍ය නගරාධිපති එම්. ෆරිස්ය.
මහනගර සභාව විසින් මේ දක්වා මේ වෙනුවෙන් වැය කර ඇති මුදල් නිසි ලෙසින් ගණනය කරන්නේ නම් මේ ප්‍රදේශ කිසිලෙසකින් වත් යටනොවන අන්දමට විධිමත් සැලැස්මක් සකසා එය ක්‍රියාත්මක කරන්නට හැකිව තිබුණි.
එහෙත් මේ කපටි අමන දේශපාලකයන්ට ඇවැසිව ඇත්තේ ගාන කැපෙන වැඩක් පමණි. ඒ වෙනුවෙන් කෙසේ හෝ කොන්ත්‍රාත්තුව ලබා ගනිම එකම අරමුණය.මෙහිදි අවධාරණය කළ යුතුම තවත් කරුණක් වෙයි. එනම් ලංසා හවුල් පවුල් පාලනය තුල මිගමුවේ ඉදිකරන්නට ඇති කාණු වෙනුවෙන් වැය කරන ලද මුදලය. රුපියල් කෝටි ගණනක් මේ වන විට ඒ වෙනුවෙන් වියදම් කර ඇත.එහෙත් මේ කාණු හැදිල්ල යනු ලංසා පවුලට කත්අදින දේශපාලකයන්ට දෙන ටොෆියක් පමණි. ඒ නිසාම එහි ප්‍රමිතියක් කිසිවෙකුටත් අවැසි නොවේ.
අප පසුගිය දිනක පෙරියමුල්ල ප්‍රදේශයේ ප්‍රමිතියකින් තොරව හදමින් ඇති කාණුවක් ගැන හෙළිකළෙමු.
මේ අනුව බලන කළ මිගමුවේ කෝටි ගණන් මුදල් වැය කළද එක වැස්සට යටවෙන් මිනිසුන්ගේ ඛේදවාචකය ලංසාලාට ෆරිස්ලාට අදාලම නැත.
දැන් සෑම වැස්සකදි පීඩාවට පත්වන්නේ මේ ජනතාවය.
තතු එසේව තිබියදි මුහුණු පොතේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් නගරාධිපති වරයා දැන් අපදා වැඩ පිළිවෙලක් දියත් කර ඇත.
මේ කපටි දේශපාලකයන්ට විපත් යනුද ආදායම් මාර්ගයන්ය.