දෙපා-ඇල උතුරයි – නිවාස ජලයෙන් යටවේ

0
75

ඊයේ 13 වනදා ඇද හැලුන වර්ෂාව හේතුකොට මීගමුව නගරයේ ප්‍රධාන මාවත් ජලයෙන් යටවූ අතර අද වන විට මීගමුව දෙපා ඇලේ ජල මට්ටම පිටාර ගොස් ඇත.දෙපා ඇලේ ජල මට්ටම පිටාර ගැලීම නිසා ඒ ආසන්නයේ ඇති කට්ටුව ප්‍රදේශයේ නිවාස ජලයෙන් යටවී තිඛේ. දෙපා ඇලේ පාලම පිහිටා ඇත්තේ අඩි කීහිපයක් පහතිනි. මෙම හේතුව නිසාම මෙහි කුණු පාසි වර්ග සිරවී ඇත. මෙම ජලය  පිාටර ගැලීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඇලේ එකතු වී ඇති කුණු වසර 2කකින් පමණ සුද්ද නොකිරිම බව එම ප්‍රදේශයේ ජනතාව පවසති. පාලම අසල කුණු ගොඩගැසි ජලය බැස යාම  අවහිර වීම නිසා ජලය පිටාර ගැලිමේ තත්ත්වය පාලනය කළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වි තිඛේ. මෙම පාලම  දැනට වසර කීපයකට පෙර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  සාෆි රහිම් මහතාගේ ප්‍රතිපාදන ලක්ෂ 25ක වියදමින් සාදා නිමකළ අතර මේ වනවිට පාලම අබලන් තත්ත්වයේ ඇති බව ජනතාව පවසති. 
12.jpeg.resized
14.jpeg.resized 1.jpeg.resized 2.jpeg.resized 4.jpeg.resized 8.jpeg.resized 11.jpeg.resized


ඡායාරූප /එම්.ඉෂෙඩ් සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here