වර්ථමානය වන විට පාසල් ජීවිතය හා පාසල් ළමුන්ගේ හැසිරීම් රටාව එය මීට අවුරුදු කිහිපයකට පෙර තිබූ තත්වය වඩා බොහෝ සෙයින් වෙනස් වෙලා .
එයට සෘජුවම හේතු වී ඇත්තේ මෙයයි කියා එක හේතුවක් වෙත ඇගිල්ල දිගු කිරීමට අපට නොහැකි වූවත් ඒ හා සම්බන්ද හේතූන් කිහිපයක්ම වන බව නම් දිනෙන් දිනම සනාථකරමින් තියෙන හැඩයි.
තාක්ෂණය,සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීමේ හැකියාව,දෙමවිපියන්ගේ කාර්‍යබහු ස්වභාවය හා එමගින් දරුවන්ට ලැබෙන අසීමිත නිදහස, වෙළදුන් බවට පත්ව ඇති උපකාරක පංති ගුරුවරුන්ද දක්වන්නට පුළුවන.
මේ සියල්ල අතරිනුත් ප්‍රධාන වන්නේ තාක්ෂණය හා සමාජ ජාල වෙබ් අඩවියි.තාක්ෂණය පිලිබදව කතා කිරීමේදී ජංගම දුරකථනය පෙරටම පැමිණිලා.
කලකට ඉහතදි ජංගම දුරකථන යනු දරුවන්ට පහසුවෙන් හිමිකරගතහැකි දෙයක් නොවුනත් අද තත්වය වෙනස් වෙලා.
දරුවෝ කියන ෆෝන් එක අරන්දිම තමයි ආදරය කියන්නේ කියල හිතන ගානට දැන් දෙමව්පියනුත් පත්වෙලා .
මේ පිලිබදව මෑතකදී එක්තරා පාසැලක සිදුවු සත්‍ය සිදුවීමක් අපට වාර්ථා වුණා.
.මවක් විසින් තවමත් පාසල් යන වයසේ සිටින තමන්ගේ පුතාට ජංගම දුරකථනයක් මිලදී ගෙන තිබෙනවා. ඔහු විසින් එය පාසලට රැගෙනවිත් ඇති අතරෙදී ජංගම දුරකථනය නැති වෙනවා .
මේ සිදුවීම නිසා එම දරුවා ඔහුගේ මව හා පාසලේ පිරිස අතර විශාල ප්‍රශ්නයක් ඇතිවෙලා.
මෙහිදී පැණ නගින ප්‍රධාන ප්‍රශ්ණ තුනක් පිලිබදව අපට අවධානය යොමු කරන්න පුළුවන්.
ඒ මව විසින් පාසල් යන වයසේ තම දරුවාට ජංගම දුරකථනයක් ලබා දීම,දරුවා විසින් එම දුරකථනය පාසලට රැගෙන ඒම හා පාසලේදී එය නැතිවීම. නමුත් මෙම සිදුවීමේදී අදාල මව හා දරුවා තමන්ගේ දුරකතනය නැතිවීම සම්බන්දයෙන් පාසල වෙත හා පාසලේ ගුරුවරුන් මෙන්ම දරුවන් වෙතත් දැඩි ලෙස චෝදන කර තිබෙනවා. පාසලේදී දුරකතනය නැතිවීම තුල යම් ගැටළුවක් නැතිවම නෙමේ එය සිදුවූ ආකාරය පිලිබදව පාසල විසින් පරීක්ෂනයක් පැවැත්විය යුතුමයි. නමුත් මේ සිදුවීමත් සමග පැණ නගින විශාලම ප්‍රශ්ණය වන්නේ වර්තමානය වන විට මෙවැනි සිදුවීම් සම්බන්දයෙන් දෙමව්පියන්ගේ හැසිරීමයි. දිවයින පුරා සිදුවන මෙවැනි සිදුවීම් බොහෝමයකදී අපට වාර්තා වන්නේ වැරුද්ද තමන්ගේ වුවත් ඒ වෙනුවෙන් දඩුවම් කල ගුරුවරුන් සමාජය ඉදිරියේ වැරදිකරුවන් කිරීමට දෙමවිපියන් දරන දැඩි උත්සාහයයි.ඇතැම් අවස්ථාවලදී එවැනි උත්සාහය් හාස්‍යජනක වන තත්වයටම පහත් උත්සහයන් වෙන අවස්ථාද අපට දැකගන්නට පුළුවන්.
එම නිසා මේ තාක්ෂණයේ දියුණුව හා කාර්‍යබහුල ජීවන රටාවෙන් දෙමව්පියන් වෙත උරුම කරදී ඇති යාන්ත්‍රික ආදරය මේ වන විට මෙවැනි සිදුවීම් රාශියකට හේතුවී තිබෙනවා. දරුවා ලග සිටීමට,දරුවාගේ ඕනෑ එපාකම් සොයා බැලීමට,දරුවා දවස තුල කරන්නේ කුමක්ද දවස තුල සිදු වුයේ කුමක්ද පිලිබදව දරුවා සමග වචනයක් හෝ කතා කිරීමට බැරි දෙමව්පියන් තමන්ගේ ආදරය ජංගම දුරකතනයකට,ලැප්ටොප් පරිඝණකයකට සීමා කරලා. තම දරුවා ඉල්ලන ඕනෑම දෙයක් ඔහුට හෝ ඇයට අරන් දීම ආදරය ලෙස අර්ථකථනය වන තත්වයටම අද සමාජය පත්වෙලා. මේ නිසා මේ සෝචනීය තත්වයට අප ඉක්මනින්ම පිලිතුරු සෙවිය යුතුයි. නැතිනම් නුදුරේදීම දෙමව්පියන් හා දරුවන් අතර ඇත්තේ හුදෙක් යාන්ත්‍රික ගණුදෙනුවක් පමණක් වන තත්වයට සමාජය පත්වීමේ දිනය වැඩි ඈතක නැහැ. එම නිසා මේ පිලිබදව පුළුල් කතිකාවතක් ඇති කර යුතුමයි.ඒ සදහා දෙමව්පියන් මෙන්නම දරුවන්ද සහභාගී විය යුතුයි. ඒ තුලින් සැබෑ ආදරය කුමක්ද, දෙමව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සැලකිය යුත්තේ කොහොමද, සාමාජයේ ජීවත් විය යුත්තේ කොහොමද,තමුන්ගේ වයසට ගැලපෙන දේ පමණක් තෝරා ගන්නේ කොහොමද යන්න පිලිබදව අවවාද මේ දෙපිරිසටම වඩාත් වැදගත් වෙනවා.ඒ තුලින් අපගේ ළමා කාලය තුල අපි අත්විදි සැබෑ දෙමාපිය රැකවරණය හා ආදරය වර්තමාන දරුපරපුරටත් උරුම කර දීමේ උත්සාහයක යෙදෙන්නට අපට හැකි වනු ඇති.
මිතිලායා ගමගේ