දෙමව්පියන් නැති දරුවන්ගේ පාසැලට පකිස්තානුවන්ගෙන් ආදරය

0
267
අබලන්ව ඇති වැලිහේන පාසල
අබලන්ව ඇති වැලිහේන පාසල

වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් හට  ඇති අඩු පාඩු එමටය.
මෙම විද්‍යාලය අවුරුදු 100 ට අධික ඉතිහාසයක් ඇති පාසලකි.
මෙහි ඉගෙනුම ලබන බොහෝ දරුවන්ට සිය දෙමව්පියන් අහිමිය.
විශාල බුද්ධිමතුන් රාශියක් බිහිකර තිබෙන අතර ඔවුන් අතර
විදුහල්පතිවරු හා ගුරුවරු   දැනට රාජය අංශයේ රැකියා වල නිරත වන පිරිස් ද බොහෝ වෙති. මේ අය අතර ආගමික නායකයින් හා මැති ඇමති වරුන්ද  සිටිති.
මෙහි  අධ්‍යාපනය ලබා  ඇති ප්‍රධාන පුරවැසියන් අතර හිටපු අමාත්‍ය  ජෙයරාජ ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාද විය.
එහෙත් අවසනාව වන්නේ අදටත් මේ පාසැලේ අඩුපාඩු සපුරා ලන්නට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබ තිබිමයි.
මේ පසුබිම යටතේ තවත් අපුරු සිදුවිමක් පසුගිය දිනක මේ පාසැලෙන් වාර්ථා විය.ඒ පාකිස්ථානුවන් පිරිසක් සි කැමැත්තෙන්ම පැමිණ ඔවුන්ගේම වියදමින් මේ පාසැලේ අළුත් වැඩියා කටයුතු වලට දායකවිමයි.
මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවය වන්නේ මේ පාකිස්ථානුවන් සියළු දෙනාම අහමදියා මුස්ලිම්වරුන් විම නිසා පාකිස්ථානය තුල විවිධ තාඩන පීඩනවලට ලක්ව ජිවිත බේරාගැනිම සදහා රටින් පිටුවල් වන්නට සිදුවුවන් විමයි.
මෙහිලා සදහන් කළ යුතුම තවත් එක් කරුණක් වෙයි.
එය අයත් වන්නේ එකාධිපති මහින්ද රාජපක්ෂගේ කමකට නැති මුර්ග පාලන පෙරලා දමා යහපාලනය මේ රටේ ස්ථාපිත කිරිමට හැකිවිම ගැනය.
මහින්ද රාජපක්ෂගේ පාලනස මය තුල සරණාගතව පැමිණ සිටි මේ අහමදියාවරුන්ව එක්සත් ජාතින්ගේ සරණාගත කොමිසමේ නියමයන්  හා අචාර ධර්ම තඹ පයිසෙකට මායිම් නොකරමින් මහ රැ පවා පැමිණ මේ අයව රටින් පිටුවහල් කිරිමට එදා ක්‍රියාකර තිබිමයි.
ඒකල මේ අහමදියා වරුන් ජිවත් වුයේ විවිධ තැන් වල සැගව සිටිමෙනි.
අද යහපාලනය තුල ඔවුන් සරණාගතයන් ලෙසින් හිමිවිය යුතු නිතිමය අයිතින් යටතේ නිදහසේ ජිවත්වෙති.
වැලිහේන පාසැලට ඔවුන් නිදහසේ පැමිණ මේ කරන සමාජ සත්කාරය තුලින් කියැවෙන්නේ ඔවුන් ටද හිමිව ඇති නිදහස පිලිබදවය.මේ සමාජ සත්කාරය සදහා අහමදියා කාන්තා සංගමය විසින් ඒ සියළු බරපැන සදහා දායක වි තිබුණ අතර ජිවිත ආරක්ෂාව පතා මෙරටට පැමිණ සිටින පාකිස්ථානු සරණාගතයන් විසින් සිය ශ්‍රමයෙන් දායක වි තිබුණි.
දෙමව්පියන් නැති දරුවන්ගේ පාසැලට මේ ආදරය දක්වන්නේ තමන්ගේ දරුවන්ව තමන්ගේ රටේ පාසැල් වලට නිදහසේ යවන්නට නොහැකි වු වේදනාවන්ද සිත්හි දරාගෙනය.ahamadiaya 1unnamed (2)ahamadiayaunnamed (1)(1)ahamadaiya 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here