දෙවන වරටත් මීගමුව නගරාධිපතිවරයාව ජනාධිපති කොමිසම හමුවට ??

0
104

මුල්‍ය අපරාධ පිළිබදව ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පසුගිය ජනාධිපතිවරණයේදි මීගමුවේ පැවැති මුදල් අවභාවිතාවක් පිළිබදව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවි ඇත්තේ හිටපු ධිවර අමාත්‍ය සරත් ගුණරත්න මහතා වෙතය.
ඔහු විසින් කලපු සංවර්ධ ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 89 ක් දේශපාලන රැස්විමක් සදහා වැය කර ඇතැයි මුල්‍ය වංචා පිළිබදව චෝදනාවක් එල්ලවි ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේ මීගමුව මහනගර සභා භුමියේ පැවැති ජනාධිපතිවරණ රැළිය දේශපාලන රැළියක්ද යන්න පිළිබදව මීගමුව නගරාධිපතිවරයාගෙන් විමර්ශන නිළධාරින් විමසා සිටි අවස්ථාවේ ඔහු විසින් පවසා ඇත්තේ එය දේශපාලන රැස්විමක් බවය.
මේ බව නගරාධිපතිවරයා පවසා ඇත්තේ පසුගිය දිනක රජයේ සාක්ෂිකරුවෙකු ලෙසින් ඔහුව වන වරටත් ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට කැදවා තිබුන අවස්ථාවේදිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here