දෙව්මැදුරක් 6 වතාවක් කඩපු හොරු කව්ද ?

0
555

දෙව්මැදුරක් 6 වතාවක් හොරු කඩා ඇතැයි යන්න  අසන්නට ලැබුනොත් එය ගිනස් පොතට යා යුතු තරමේ පුවතක් වනවා නොඅනුමානය.
මෙය වඩාත් විශ්මිත වන්නේ නාගරික ප්‍රදේශයක පිහිටි දෙව්මැදුරක් මෙසේ  සොරුන්ගේ  නිරන්තර ඉලක්කයක් වි තිබිමයි.
මේ එක්වතාවකදි දිව්‍ය පුජායාගයෙදි පියතුමන් විසින් පරිහරණය කරනු ලබන රත්රන් ආලේපිත කුසලානයද රැගෙන ගොස් ඇති බවසැලය.
මෙවන් පුදබිමක් 6 වතාවක් කඩනවා නම් ඒ නගරය චිකාගෝ නුවරට සමාන එකක් වෙමින් ඇතැයි කියන්නට තවත් උදාහරණ කුමටද ?
කටුනායක පිහිටි ශා.පේදුරු පාවුළු දෙව්මැදුරට 6 වතාවක් පැන්න හොරු අල්ලන්න  සහය වන්න යැයි අද දින පැවැති දේවමෙහෙය අතරතුරේදි පියතුමන් විසින් ජනතාවගෙන් ඉල්ලා ඇති බවද වාර්ථා වේ.

theif

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here