සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස වෛද්‍ය විශේෂඥයන් සිදු කළ ඉල්ලීමට හය මසක් යනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදැක්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ බලවත් කනස්සල්ලත්, විරෝධයත් පල වී තිබේ.
වසංගතයට ගොදුරුවී මියයන මුස්ලිම්වරුන් ගේ සිරුරු පිළිස්සීමට රජය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකා පියවර ගැනීම නිසා ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ඇත්තේ හය මසකට ඉහතදීය.
කඩිනමින් එම කමිටුව ස්ථාපිත කර මෙරට මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භුමදානය කිරීමේ මානුෂික අයිතිය ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ නොවැම්බර් 3 අඟහරුවාදා පාර්ලිමේන්තුවේදීය.
“අද වෙන කොට නම දෙනයි. තව මේක කල් යන්න කල් යන්න මේක වැඩි වෙනවා. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මැරුනොත් ඔබතුමාවත් පුච්චනවා. මම මැරුනොත් මාවත් පුච්චනවා. අන්න ඒක කල්පනා කරන්න. ” රහුමාන් මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයාට අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබුනු පරිදි නොවැම්බර් 3 අඟහරුවාදා වන විට කොව්ඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුලදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 24 කි.
අන්තවාදී තීන්දුවක් !
විපක්ෂ නායකයා එල්ල කරන චෝදනා වලට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සදහන් කළේ, මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් එම ජනතාවට ප්‍රශ්නයක් පැවතියත් එය දේශපාලනීකරණය කර නොගත යුතු බවයි.
එම චෝදනාවට අධිකරණ අමාත්‍යවරයා දුන් පිළිතුර වූයේ ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරමින් සිටින බවයි.
කමිටු මොකටද ?
මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු භුමදානය කිරීමේ අයිතිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබියදීත් අධිකරණ අමාත්‍ය වරයා විසින් කමිටු පත් කරන්නේ කුමකටදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ලොව පුරා පැතිර යන කෝවිඩ් 19 ට රට තුල වර්තමානයේ මුහුණ දීම සහ අනාගත වසංගත ආපදා වලට එරෙහිව නීතිගරුක ලෙසින් සටන් වැදීම සඳහාත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා කෙටුම්පතක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුනි.
මහජන සෞඛ්‍ය ආරක්ෂක තත්වයක් ප්‍රකාශ කිරීමට, මහජන සෞඛ්‍යය සඳහා විශේෂ පියවර ගැනීමට සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යොදාගත හැකි පනතක් ලෙස එය හඳුන්වා දී තිබේ.
ලෝකෙටම වෙනස් ලංකාව !
කෝවිඩ් 19 වසංගතය ශ්‍රී ලංකාවේ මුල් වටයේ පැතිරීම ආරම්භ වීමත් සමග මුස්ලිම්වරුන්ට කරන අඩන්තේට්ටම් අත්හිටුවන ලෙස තෙල් අපනයනය කරන ප්‍රධාන රටවල් ඇතුළු ලෝකයේ බලවත් ඉස්ලාමීය රාජ්‍ය ශ්‍රී ලංකාවට පසුගියදා දැනුම් දීමක් ද කර තිබුනි.
මුස්ලිම්වරුන්ට එරෙහිව කෙරෙන වෙනස්කම් පෑම් හෙලා දකින රටවල් 57 කින් සැදුම්ලත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) එම ප්‍රජාවේ අයිතිවාසිකම් හා ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස කෝපාන්විත ස්වරයෙන් යුත් නිවේදනයකින් ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා තිබුනි.
කොරෝනා රෝගාතුර වී මියයන ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන්ගේ සිරුරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ඉස්ලාමීය වත් පිළිවෙත් වලට පටහැනිව ආදාහනය කිරීමත්, කෝවිඩ් 19 වසංගත මර්දනය බාර රාජ්‍ය බලධාරීන් මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මුස්ලිම් විරෝධී වෛරය ඇවිලවීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පළකර තිබේ.