දෙසතියක් තුල මිගමුව පොලිස් කොට්ටාශයේ 3 වෙනි නිලධාරියාත් අත්අඩංගුවට !

0
107

දෙසතියක් තුල මිගමුව පොලිස් කොට්ටාශයේ තුන් වැන්නාද ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අල්ලස් චෝදනාවක් හේතුවෙනි .මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ මීගමුව, කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාය.

මිට පෙර මිගමුව පොලිසියේ පරිපාලන අංශයේ ස්ථානාධිපතවරිය අත්අඩංගුවට ගැනුනේ රථවාහන අංශයේ නිලධාරින්ට හිමි දිමනා වංචා සහගත ලෙසින් ලබාගෙන තිබිම සම්බන්ධයෙනි .
අත්අඩංගුවට පත්විමේ පොලිස් පෙරහැර ඇරඹෙන්නේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනිමත් සමගින්ය.

මැතිවරණ රාජාකාරියේ කොටසක් ලෙසින් අපෙක්ෂකයන්ගේ පෝස්ටර් ගලවා තිබිම සිදුවිමක් මුල් කර ගෙනය
කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති සැබැවින් ලංසාගේ බඩියෙකු ලෙසින් ප්‍රකට බව පොලිසියේ නොදන්නා කෙනෙකු නැති තරම්ය.

ගැටලුව පැන නැගි තිබුනේ අදාල පොලිස් පරික්ෂක වරයා විසින් අනෙකුත් පොස්ටර් මෙන්ම නිමල් ලංසාගේ පෝස්ටර්ද ගලවා තිබිම නිසාවෙනි.
ඉන් කෝපයට පත් ස්ථානාධිපතිවරයා මැතිවරණ රාජකාරිය අකුරටම සිදුකළ පොලිස් පරික්ෂක කැදවා ඔහුට අවමන් වන ලෙසින් හැසිරි තිබුන අතර ඒ ගැන මැතිවරණ කොමිසමද ඇතුළු අනෙකුත් ආදල ආයතන වෙත පැමිණිලිද ලැබි ඇත.
මේ පසුබිම තුල ඔහුව අත්අඩංගුව ගෙන ඇත

මිගමුව යනු සමස්ථ ආයතන පද්ධතිය මතටම එක්තරා පවුලක හෙවනැල්ල වැටි ඇති තැනකි.  දැන් ඒ හෙවනැලි ඉවත් වෙමින් තිබේ.