දෙළුම් මාමා

0
174

වසර ගණනාවක් මීගමුව ප්‍රදේශයේ පළතුරු වෙළඳාමේ නිරත වන ගම්පහ හේනේගම පී. අමරසේන මහතාගේ තොරතුරු බිඳක් මීපුර පාඨකයන් වෙනුවෙන්.
තිදරු පියෙකු වන පී අමරසේන මහතාට අවුරුදු අසූවකි. මීගමුව සිදුව ප්‍රදේශයේ 1993 සිට අද දක්වා 2024 වන මේ මොහොත දක්වා ද, රට දෙළුම්, රට මිදී, රට දොඩං ,රට නාරන් යනාදිය නිවැසියන් හට විකිණීමෙන් තම ජීවිකාව ගෙනයති. අවුරුදු 18දී පාසලෙන් සමුගෙන කොළඹ ප්‍රදේශයේ පොල් වෙළඳාමේ නිරත වුණු ඔහු පසුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සුළු සේවකයෙකු ලෙස රැකියාවක නිරත වී 1993 දී මීගම විශ්‍රාම ගියේය. පසුව මෙම පලතුරු වෙළඳාමේ නිරත වූ ඔහු වසර කිහිපයක සිට සතියකට දින හතරක් හෝ පහක් මීගමුව සීදුව ප්‍රදේශයට පැමිණ පලතුරු වෙළඳාමේ යෙදුණු දෙලුම් මාමා අද වන විට සතියකට වරක් සිදුව ප්‍රදේශයට හා මීගමුවට පැමිණෙයි.
මීපුර පාඨකයින් වෙනුවෙන් පිළිසඳරක යෙදීමට නිහතමානීව එකඟවූ පී.අමරසේන මහතාට බෙහෙවින් ස්තුති වෙමු.
සටහන සහ ඡායා -මීපුර පුරවැසි මාධ්‍යකරු -එම්.එස්.එස්.මුනිර්