දේදුණු නගරයේත් තාප්ප පින්තාරු කරන්න මීගමු තරුණ පිරිසක් සුදානම් !

0
633

ag_turtleදේදුණු නගරයේත් තාප්ප පින්තාරු කරන්න මීගමු තරුණ පිරිසක් සුදානමින් සිටින බව එහි සංවිධායකයන් විසින් මිපුරට  දන්වා තිබුනේ අවැසි ප්‍රචාරක සහය ඔවුන් හට  ලබාදෙන ලෙස ඉල්ලමිනි.
එහිදි අප විසින් ඔවුන් හට කියා සිටියේ ලංකාවේ ඇතැම් නගර වල ඇති ආකාරයේ යුදකාමිත්වය රණකාමිත්වය හා ජාතිකත්ව කථා නැති තාප්ප පින්තාරුවලට දේදුණු නගරයක් වු මිගමුවේදි  මුල් තැන දෙන ලෙසය.
එය අනිවාර්යයක් බව කියා සිටි මේ තරුණ කණ්ඩායම ඔවුන්ගේ  කටයුතු ආරම්භ කරන දිනය වන දෙසැම්බර් 08 වෙනිදා මේ අවස්ථාව සදහා මිගමුවේ සියළුම ආගමික නායකයන් කැදවිමට කටයුතු කර ඇතැයිද කියා සිටියේය.
ඔවුන් විසින් අප වෙබ් අඩවියේ පළකරන ලෙස ඉල්ලා එවා තිබුණ දැන්විම අප පහතින් මෙසේ පළකරන්නෙමු.
wall paint(ඡායාරූපය අන්තර්ජාලයෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here