දේදුණු නගරයේ අළුත් අවුරුද්ද..

0
201

( 4.30 pm )පෙරියමුල්ලේ පාතිමා පාරේ ජූඩ් කියන්නේ ටිකක් අමුතු මනුස්සයෙක්.වාම භාවිතාවක් එක්ක සමාජ වැඩවලට ආපු ජූඩ් තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන් හැමදාමත් තනියම හරි යමක් කරන්න ට්‍රයි කළා.IMG 20250101 WA0250IMG 20250101 WA0244

මිගමුව කියන්නෙම දේදුණු නගරයක්.සියළු ජාතින් ආගම් සමඟියෙන් කල් ගෙවන නගරයක්.
IMG 20250101 WA0239IMG 20250101 WA0219IMG 20250101 WA01761IMG 20250101 WA0163

මේ සහෝදරත්වයේ ලස්සන හැබෑවට ගොඩනගන්න උත්සාහ කරන ආගමික නායක,නායිකාවන් කි දෙනෙක් මීගමුවේ ඉන්නවද කියල ඇත්තටම හිතාබලන එක හොදයි.එ වගේම අන්තර් ආගමික සහෝදරත්වය වෙනුවෙන් අතදිගඇරල විය පැහැදම් කිරිමට පසුබට නොවන සංවිධානත් තියෙනවා.

එහෙම තියෙද්දි ජූඩ් කියන මේ තනි මනුස්සයා දැන් කාලයක් තිස්සේ ඉදන් අලුත් අවුරුද්ද දවසට මේ අපුරු සුන්දර උත්සවය සංවිධානය කරනවා.IMG 20250101 WA0186

තමන්ගේ ප්‍රතිපත්ති වෙනුවෙන්  තනියම හිටගන්න ලෑස්ති අය කොතනත් එහෙමයි.IMG 20250101 WA0248

තමන්ගේ සංවිධානය වැඩසටහන් වල තියෙන හින්ද සංවිධානය වෙන අන්තර් ආගමික වැඩත් මිගමුවේ නැතුව නෙමෙයි.හැබැයි මේක වෙන වැඩක්.

මෙදා සැරෙත් සේරම ආගම් නියෝජන කරන තත්වයක් උත්සවය තුල කැපි පෙනුනා.අනික කෑම බිම ටික ටික හරි අරන් ඇවිත් මේකට සම්මාදම් වුන අයත් හිටියා.

දැන් අපට තියෙන අභියෝගය තමයි මිගමුව තුල මේ දේදුණු නගරයේ සාමය විනාශ කරන්න ජාතින් කොටවන්න ඇතමුන්ව පිඩාවට පත්කරන තත්වයක් නිර්මාණය වෙනවනම් මේ අන්තර් අගමික වැඩසටහන් වලට එන කීයෙන් කී දෙනෙක් එලියට බැහැල  නිර්භීතව මතුවෙන අභියෝග වලට මුහුණ දෙයිද කියන එක.

හැබැයි එක දෙයක් දන්නව ජාතිමා පාරේ ජූඩ් නම් තනියම හරි ජාතිවාදයට ආගම්වාදයට එරෙහිව සටන් කරනව.

එහෙම මිනිස්සුන්ව ගැහැණුන්ව සාකච්ජා වැඩමුළු සංස්කෘතික වැඩසටහන් වලින් කියල හැදෙන්නෙත් නෑ.ඒක තමයි තිත්ත ඇත්ත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here