දේවමාතා සුරුවමක් විවෘත කරන්න මහින්ද සරත්ගේ ගමට යයි ?

0
45

mr 1මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයේ පැවැති රැස්විමෙන් අනතුරුව තමන්ගේ ඉල්ලිම පිට හිටපු ජනපති තමන්ගේ ගමට පැමිණ වේලක්කන්නි මැණියන්ගේ සුරුවමක් විවෘත කළ බව මීපුර වෙබ් අඩවිය අමතා අද උදේ වරුවේ සරත් ගුණරත්න මහතා කියා සිටියේය.
ඔහු  මෙසේ ප්‍රතිචාර දක්වා තිබුනේ අප විසින් ඊයේ දිනයේ පළකරන්නට යෙදුන එක්තරා පුවතක් ගැන ප්‍රතිචාර දක්වමිනි.
එනම් මහින්ද රාජපක්ෂ මහතාට දවල් කෑමකට කර තිබුණ ආරාධනයක් ගැන පුවතක් සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් අප හෙළිකර තිබුන පරිදි මහින්ද රාජපක්ෂ මහතා සරත් ගුණරත්න මහතාගේ දවල් කෑම ආරධනය පිළිනොගෙන තිබුනද වේලකන්ති මෑණියන්ගේ සුරුවම විවෘත කරන්නට එහි ගොස් තිබුණි.