දේවානිට තග දාන නිමල් ලංසාගේ පරිසර ප්‍රේමයේ තරම මෙන්න …

0
126
නිමල් ලංසාගේ කිමට ඒදා කඩොල් අක්කර 8 ක් කපලා විනාශ කළඅන්දම

මේ දිනවල පරිසරය පිළිබද ප්‍රශ්ණය අන් ප්‍රශ්ණ සියල්ල වටා රටේ කතා බහට ලක්වෙමින් තිබේ.ඒ අතර පරිසරය සුරැකිම සදහා නිර්භයව පෙනි සිටි දේවානිට එරෙහිව රාජ්‍ය ඇමති නිමල් ලංසා ඉතාමත් නිහින ප්‍රකාශයක් කර තිබුණි.ඒ දේවානිලාව එලවා දැමිය යුතු යැයි කියමිනි.
පරිසරය රකින නිළධාරිණියකට එසේ තග දමන ලංසා යනු පරිසරය ඇලජික් වුන ගම්පහ දිස්ත්‍රික්කයේ අංක එකේ දේශපාලකයෙකි.
මේ සටහන ඔහුගේ පරිසරය ප්‍රේමයේ තරම කියැවෙන්නකි



මීගමුව තුල හෝ ජාතික වශයෙන් කිසිදු අවධානයකට යොමු නොවු මීගමුවේ වසර 2007 දි කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිමේ දැවැන්ත පාරිසරික අපරාධයක් සිදුවිය.
මීගමුව තුළ පිහිටා ඇති කඩොලාන වන සම්පත ද පාරසරික වටිනාකම් රැසක් තිබෙන ස්වභාවික වන සම්පතකි. මෙහි අක්කර 26 ක පමණ  භුමි භාගයේ පිහිටා ඇති අතර තවත් කඩොලාන වන ගහනයකින් සමන්විත  කලපු  දූපත් 13 මීගමුව කලපුව තුළ පිහිටා තිබේ.
මෙම කඩොලාන රක්ෂිතයෙන් අක්කර 08ක් පමණ ප්‍රමාණයක්  කිසිදු අවසරයකින් තොරව කපා විනාශ කරන ලදී.
මෙය සිදුවූයේ එවකට හිටපු ප්‍රා.ලේකම්වරයෙකු වන ශාන්ත කේ මුහන්දිරිම් නැමැත්තාගේද පුර්ණ සහයෝගයෙනි.
පානිය ජල ව්‍යාපෘතියකට අවැසි පර්චස් 100 ක ඉඩක් වෙනුවෙන් යැයි කියා අක්කර 8 ක් කපා දැමිමට මුලිකත්වය ගෙන තිබුනේ එවකට ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරුන් වු බන්දුල නාඔටුන්න සහ ඩන්ස්ටන් හෙවත් ඩන්ටි යන දෙදෙනාය.
ඒ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ උවමනාව අනුවය.
මේ කඩොලාන විනාශය ගැන එදා කරුණු හෙළිදරව් කළ අපට නගරාධිපති පුටුවේ සිට නිමල් ලංසා දිගටම තග දැමුවේය.
පරිසර විනාශය ගැන ලියු අපට එරෙහිව අපේ කාර්යාලට ඉදිරිපිටට පන්දහසක සෙනගක් රැගෙන පැමිණ උද්ඝෝෂණයක් කරන බවද ලංසා එදා කියා සිටියේය.
අද දේවානිව එලවා දැමිය යුතු යැයි කියන නිමල් ලංසා මිගමුවේ හදවත බදු කඩොලාන කිසිදු හිතක් පපුවක් නැතිව කපා දැමු නරුම දේශපාලකයෙකි.
ඉතින් එවැන්නෙකුට කෙසේ නම් පරිසර ප්‍රේමයක් ඇතිවේවිද ? දේවානිලාව පේනන බැරිවිම ගැනද අමුතුවෙන් කිව යුතු නැත.