දේවානිට සහය පළකළ රැස්විමේ සිටි එකම පුරවැසියා මා.ජයවීර !

0
373
පිටිපන මා ජයවිර අදහස් දැක්විම ආරම්භ කරමින්
පිටිපන මා ජයවිර අදහස් දැක්විම ආරම්භ කරමින්

(දෙවණ සංස්කරණය ) රෙජින පාරේ පිට්ටනියක් හැදීමට කඩොලාන කැපීම පිළිබඳව සාකච්ඡා වූ රැස්වීමේ පරිසරයට කිසිදු සංවේදි කමක් නැති දේශපාලකයන් හා ඔවුන්ගේ සහචරයන්ට එරෙහිව තනි සටහනක් කර තිබුනේ ගම්පහ වනජිවි නිළධාරිණි දේවානි ජයතිලකය.

කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය
කඩොලාන කපා දමා හදන්න ගිය පිට්ටනිය

ඇය දැන් ලංකාව තුල පමණක් නොව ලෝකයේම වෙසෙන ප්‍රගතිශිලි ශ්‍රි ලාංකිකයන්ගේ බුහුමනට පත්වි හමාරය. ඡන්දයක් අභියස කඩොල් කපා හෝ මනාප ගැනිමට දගලන අවස්ථාවාදි දේශපාලකයන් රොත්තක්ම නිරුත්තර කරමිනි.
මේ නිර්භිත නිළධාරිණිය වෙනුවෙන් ඒ අදහස අනුමත් කරමින් එතන කථා කරන්නට සිටියේ එකම එක පුරවැසියෙකි. ඒ පිටිපන මා ජයවිර නම් වු ප්‍රකට කවියාය.

ඔක්ෂිජන් එපා යැයි කියු පුද්ගලයා යළිත් වරක් මා ජයවිරටද බාධා කරමින්
ඔක්ෂිජන් එපා යැයි කියු පුද්ගලයා යළිත් වරක් මා ජයවිරටද බාධා කරමින්

එහෙත් ඔහුට සිය අදහස ඉදිරිපත් කිරිමට අපිට ඔක්ෂිජන් එපා යැයි කියන මංකුලිය ප්‍රදේශයේ සුරංග යැයි කියන පුද්ගලයාත් තවත් අයෙකුත් ඉඩ දුන්නේ නැත. ඔහුට කියන්නට බැරිවුන අදහස අප ඔහු අමතා දැනගතිමු.

” මහාචාර්ය ජයම්පති මහතා මේ කලපුව ගැන විශේෂ පරීක්ෂණයක් කරමින් කියා සිටියේ කඩොලාන කැපුවොත් ජලය අපිරිසිදු වන බවත් , එසේම ජනාවාස වුවහොත් මහජනතාවට ජීවත්වීමට අවශ්‍ය පරිසරය නැතිවන බවත්ය.
මේ ප්‍රබල මතය සභාවට කියන්නට ඉඩ නොදිම ගැන කදිම කවියක් අපට කිවේය.
.” කපුටො ජය ගත්ත කෝකිලය නිහඬවුනා ”
සිය ගණන් මිනිසුන් ගැහැනුන් මැද එක පුරවැසියෙකු හෝ නිර්භිත රාජ්‍ය නිළධාරිනියක වෙනුවෙන් හඩ නැගිම අප ඉහලින් අගේ කරමු.