දේවානිලා ගැන යළිත් රටේ කථාබහක් මතුව තිබේ. ඒ ඇය විසින් පරිසරය රැකිම සදහා කොන්දේසි විරහිතව පෙනි සිටිමට නිරන්තරයෙන් ගන්නා උත්සාහය නිසාය.
ඒ ඇය සැබැවින්ම පරිසරයට මෙන්ම රාජකාරියටද ආදරේ කරන නිසාය.
එහෙත් මිගමුවේදි නම් මෑත ඉතිහාසය තුල අසරණයන්ගේ අයිතිවාසිකම් වලට වගේම තමන්ගේ තනතුරට ගරු කරන ,එයට නිගා නොදෙන අය ගැන අසා නැති තරම්ය
2004 වසරේ සුනාමියෙන් විපතට පත් ජනයා හා ඉතාමත් සමිපව කටයුතු කල සහකාර ප්‍රාදේශිය ලේකම්වරයෙක් විය.
ඔහු නමින් සුනිල්ය.
ඇන්ටන් යැයි ඇතැමුන් ඔහුව අමතති.
ඔහු එදා මිගමුවේ සිටි ඉතාමත් අවංක නිළධාරියෙකු විය.
එහෙත් දැන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෝ වෙරළ සංරක්ෂණය තුල සුනිල්ලා වැනි හදවත් ඇති නිලධාරින් සොයාගැනිමට කළුනික සොයනවාටත් වඩා අපහසුය.
මේ නිසාම 2019 වසරේ මුහුදු ඛාදනය හේතුවෙන් අවතැන් වන්නට සිදුවු වෙරළ සංරක්ෂණය පවා රජයේ ඉඩමක් ඒ අයට ලබාදිමට සුදුසු යැයි ලිඛිතවම ලබා දි ඇති පසුබිමක මිගමුව ප්‍රාදේශිය ලේකම්වරියට ඒ පවුලට තවමත් සාධාරණයක් කිරිමට නොහැකි වි තිබේ.
මේ සටහන තැබෙන රාත්‍රියේත සුජිත් දරුවන් 4 දෙනා සහ බිරිඳ ඉටිකොළවලින් වටෙම කොටුකරපු කුඩාරමක ආනාරක්ෂිත චිමිනි ලාම්පුවකුත් තියාගෙන මදුරුවෝ තල තල තල අපහසුවෙන් අඩ නින්දක සිටිනවා විය යුතුය.
තනතුරකට හදවතක් නැතිවු විට දේවානිලා බිහිවන්නේ නැත.සුනිල්ලා හමුවන්නේද නැත.
සුජිත්ලාගේ පවුලට යුක්තිය ඉටුකරන්නට තවත් දින මාස අවුරුදු කියක් නම් පමාවේදැයි අප හැම මොහොතකම දෑස් අයා බලාසිටින්නෙමු