දේශපාලකයන්ගේ උවමනාව වෙනුවෙන් වෙබ් මාධ්‍ය නිදහස වලපල්ලට..

0
157

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත් වෙබ් අඩවියක් වූ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවිය මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නීති විරෝධී ලෙස අවහිර කිරීමට කටයුතු කර තිබේ.විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානියා වෙත මෙම වෙබ් අඩවිය අවහිර කරන මෙන් ඉල්ලා ඇත්තේ මව්බිම පුවත්පතේ අයිතිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් විසින් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අපට දැන ගන්නට ලැබී තිබේ.
ටිරාන් අලස් මෙම ක්‍රියා මාර්ගය ගැනීමට හේතු වී තිබෙන්නේ පසුගියදා ටිරාන් අලස් ගේ මව්බිම පුවත්පතේ කර්තෘවරයාව බාල්දු කිරීම සම්බන්ධයෙන් පළවූ පුවතෙන් පසුව ඔවුන්ගේ ක්‍රියා කාරිත්වයන් විවේචනයට ලක් කළ පුවත් හා තොරතුරු පළ කිරීමට උරණවය.
එමෙන්ම පසුගියදා ටිරාන් අලස් ගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විසින් ලක්බිම පුවත්පතේ හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හමුවී එම පුවත් පතේ කර්තෘ සමන් වගාරච්චි මහතාව ඉවත් කිරීමට කටයුතු කළේය.
ටිරාන් අලස්ගේ මව්බිම පුවත් පත ‘වෙබ් මා‍ෆියාව’ක් ගැන නන්දොඩවමින් සිටියද මාධ්‍ය ක්ෂේත්‍රයේ මා‍ෆියාවක් පවත්වාගෙන යන්නේ ඔවුන් විසින්ම බව මේ අනුව පැහැදිලිව පෙන්නුම් කර තිබේ. දෙරණ අරුණ වැඩසටහ මෙහෙයවූ චතුර අල්විස්ට එරෙහිව ප්‍රහාරක් එල්ල කිරීමට හේතුවූ කාරණා අතර සජිත් ප්‍රේමදාසගේ පුවත් නිතිපතා නොකියවීමත් හේතුවී තිබිණි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියා පදිංචි වූ මුල්ම වෙබ් අඩවිය වූ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියයි. එහෙත් මෙලෙස වෙබ් අඩවිය අවහිර කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ විමසීමක් හෝ මේ වන තෙක් සිදු කර නැත. මෙය මුළු මනින්ම කොමිසමේ ප්‍රධානින් ටිරාන් අලස්ගේ කීම් බහට අනුව හිතු මනාපයට සිදුවූවකි.

එමෙන්ම මෙලෙස නීති විරෝධී ආකාරයෙන් මේ වන විට වෙබ් අඩවි ගනනාවක අවහිර කර තිබේ.
දඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරිනි.