දේශපාලකයන්ගේ ගජමිතුරෙක් ,මීගමු රෝහලේ වෛද්‍යවරයෙක්..

0
136

හේ මීගමුව රෝහලට පත්ව ආවේ මේ මෑතකදිය.ඒ නිසාමදෝ හරි ඉන්නේ ටිකක් උඩින් බව බොහෝ දෙනා කියති.අයකිරිම් වලදි ද ඔහු ඉන්නේ අනේක හැමට වඩා ඉහලින්ය.. පුද්ගලික චැනලින් වලදි දුරකථනයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස්වලටද ඔහු බිල් දමන තරම් ඉහලය.

එහෙත් මේ ලගදි දිනක ඔහු කපටි දේශපාලකයෙක් ඉදිරියේ  බලු වු තරම දුටු අපට නම් ඇත්තමට දුකහිතුනේ ඔහු ගැන නොව විශේෂඥ වෛද්‍ය වෘත්තිය හෑල්ලු වු තරම ගැනය.

පසුගිය දිනක එක්තරා ආණ්ඩු පක්ෂ දේශපාලකයෙක්ගේ දරුවෙක්ව මීගමුව රෝහලට උණට ප්‍රතිකාර ලබා ගැනිම සදහා ගෙනවිත් තිබුණි.අපේ රටේ මැටි දේශපාලකයන්ට ආරක්ෂාවෙන්නට තරම් කරැණු නහුතයක් ඇති නිසාදෝ යුද්ධයක් නැතත් ආරක්ෂක පිරිවරේ නම් අඩුවක් නැත.මේ දරුවා රෝහලේ සිටින කාලය තුල මේ ආරක්ෂකයෝද රෝහලේය.මේ නිසා රෝහලේ ඇතැම් වෛද්‍යවරුන්ට පවා හිරහැර පැමිණ තිබුණි

රෝහල්ගතව සිටි දරුවා සුව වි යන්නට සුදානම් වෙද්දි මේ විශේෂඥ වෛද්‍යවරයා අර කපටි දේශපාලකයාගේ වාහනයේ දොර අරින වැඩේ සිට තවත් boy වැඩ කිපයක් කර තිබුණි. මෙහි ඊලග ඛේදවාචකය වුයේ මේ  වාට්ටුවේ දෙවනියා ලෙසින්  සිටි වෛද්‍යවරයාට මේ දරුවාගේ ඇදුම් බෑග් පවා අදින්නට සිදුවිමය.

අනේ අපොයි රෝහලේ කාගෙත් රසිකයෙක් ව සිටි මේ පොඩි දොස්තර මහත්තයාට ලොක්කා හින්ද චෙච්ච වැඩක්….