දේශපාලකයන්ගේ පව්වලට කරගහන්න වෙච්ච මීගමුවේ රාජ්‍ය නිළධාරින්ගේ කථාව ..??

0
161

මීගමුවේ කසල බැහැර කිරිම දැන් අර්බුදයකට යෑමෙන් පෙනෙන්නේ එකි අරමුණ ඉටු කර ගැනිම සදහා වු යාන්ත්‍රණය දැන්  මීගමුව මහනගර සභාව තුලදි අවුලට  ගොස් ඇති බවය.මේ සියල්ලේ අවසන් වින්දිතයන් බවට පත්විමට සිදුව ඇත්තේ මේ මහනගර  සභාවේ නඩත්තුව වෙනුවෙන් බදු ගෙවන ජනයා හටය.

වසර 2003 දක්වා කොච්චිකඩේ නාගරික බලප්‍රදේශයේ කසල  බැහැර කිරිම සිදුකරන ලද්දේ නගර සභා කම්කරුවන් විසිනි.එහෙත් 2003.01 .15 දින සිට කසල බැහැර කිරිමේ කටයුත්ත ටෙන්ඩර් කරනු ලැබු අතර ඒ වෙනුවෙන් ඉදිරිපත්ව සිටි සමාගම් දෙක අතරින් වැඩිම මිළ සහ අඩු සුදුසුකම් සහිත කොම්පැණියක් වෙත ටෙන්ඩර් දිමට එජාප නගරාධිපති නිව්ටන් හෙන්රි මහතාගේ  පාලනය විසින් එදා කටයුතු කළේය.

අබාන්ස් එනවයරමන්ටල් සර්විස් පුද්ගලික සමාගම විසින් මසකට රු 4.23.000 ක් ලෙසින් සදහන් කර තිබුන ටෙන්ඩරය පසෙකලා ඇක්මි සමාගම විසින් මසකට රු 5.55.998 ලෙසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් පිළිගනිමින් වසර දෙකක් සදහා බදුදිමට මීගමුව මහනගර සභාව තිරණය කළ අතර එවකට පොදු පෙරමුණ පාලනයේ විපක්ෂ නායකවරයා වු ඇන්ටනි නිමල් ලංසා මෙහිදි මේ ටෙන්ඩර් මගඩිය වෙනුවෙන් ගත්තේ බදු ෙගවන ජනතාවගේ පැත්ත නොවේ. නිව්ටන් හෙන්රිලාගේ පැත්තය.

මේනිසා මසකට මහනගර සභාවට සිදුවු පාඩ ව වැට් රහිතව රු 1.32.998 ක් විය.වසරකට රු 15 .58.886 වසර 3 ක් සදහා රු 47.87.658 කි. මේ සදහා වැට් බද්ධ එකතු කළ විට රු ලක්ෂ 55 ඉක්මවනු ඇත.

(නිමල් ලංසා විපක්ෂ නායක ලෙසින් ඔහුෙග්ම පක්ෂයේ ඇතමෙක් විරුද්ධ වෙද්දි නිව්ටන් හෙන්රිගේ කරට අතදාගත්තේ ඇයි??

එකම හේතුව නම් තමන් විපක්ෂයේ සිටියද හැකි  වැදගත්ම ටෙන්ඩර් ටික ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ලබාගැනිමය.මීගමුව වෙරළ උද්‍යානය නිමල් ලංසාඅමැතිවරයාගේ පවුල් දේශපාලනයේ  තනි බූදලයක් වන්නේ මේ අනුවය.

එදා සිට අද දක්වා ඇක්මි අයිතිකරු කුණු ටෙන්ඩර්යේ හිමිකරුය.(ජෙයාරජ් ඇමතිවරයාගේ පිරිසක් ටික කාලයක් මෙය කරගෙන ගොස් තිබුනද ඒ ඉතා කෙටි කාලයකටය.)නිමල් ලංසා ඇමතිවරයාෙග් පියාණන් වෙරළ උද්‍යානයෙ  ටෙන්ඩර් හිමිකරුය.

නිසි පාලනයක් හෝ ප්‍රමිති ගණනයක් නැතිනම් ටෙන්ඩර්කරුවාගේ එකම අරමුණ වන්නේ සිය ලාභය වැඩිකිරිම සදහා හැකි තාක් අඩුවෙන් වියදම් කිරිමටය.ඒ අනුව  කසල බැහැර කිරිමෙන් අනතුරුව බොරළු ඇතිරිම හැකිතාක් අවම කරති. මින් සිදුවන්නේ ප්‍රදේශය පුරා දුගද පැතිරි මැසි මදුරු උවදුරු ඇතුළු සකලවිධ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න ඇතිවිමයි.

2012.11 .26 වනදා කොච්චිකඩේ ජනාතාව  උද්ඝෝෂණයේ යෙදෙන්නේ 2003 වසරේ සිට වසර 9 ක පුරා මුහුණ දුන් ප්‍රශ්ණය තරම පාරටම පැමිණ මීගමුවේත් රටේත් පාලකයන්ට කණ් පැලෙන්නට කියන්නටය.

එජාපයේ පිහිටෙන් සහ නිමල් ලංසා ප්‍රමුඛ විපක්ෂයේ පුර්ණ  ආශිර්වාදයෙන් ටෙන්ඩර්ය ගත් ඇක්මි සමාගම අද දක්වා ( අද දිනයේ සෙවන් හිල් යන නාමය වැඩිපුර භාවිතා වුනද )කොච්චිකඩේ නගාරික බල ප්‍රදේශයේ  පමණක්  නොව මේ වන විට කාමච්චෝඩේ ප්‍රදේශයේද කුණු කසල ඉවත් කිරිමේ ටෙන්ඩරය ලබාගන්නට තරම් වාසනාවන්ත වි ඇත.

මේ පැහැදිලි පාඩුව ගෙවන ුලැබුවේ නිමල් ලංසා වත් නිව්ටන් හේන්රිවත් නොවේ.මීගමුවේ බදු ගෙවන ජනතාව විසිනි.මේසා විශාල පාඩුවක් විදගෙන  කසල ඉවත් කිරිම වෙනුවෙන් අඩු අත්දැකිම් ඇතිඇක්මි ආයතනය වෙත භාර දෙන්නට බලපාන ලද අප දන්නා එකම හේතුව වුයේ මීගමුව එජාප නායකයෙක් එම ුආයතනය හා තිබුණු කිසියම් වෘත්තිමය බැදිමකි.

ඒ වෙනුවෙන් මීගමුවේ ජනතාවට මසකට විදින්නට සිදුවු පාඩුව රු 1.32.998කි.

ඉහත සටහන  වසර කිපයකට පෙර අප  තැබු එකකි.න

දැන් මේ සටහන තැබෙන මොහොත වන විට මීගමුව නගරයේ කුණු කසල බැහැර කරන්නට දින කිපයක්ම නොහැකිව අර්බුදයක් බවට පත්වෙමින් තිබේ.

එහෙත් මීගමුව නගර සභාවේ දේශපාලන අධිකාරිය මීගමුවේ කුණු ප්‍රශ්ණය නිසි ලෙසින් කළමණාකරනය කරන්නට කිසිවක් කලේ නැත.
ඔවුන්ට දෙවෙනි නොවු විපක්ෂයද සිටියේ කසාය බිච් ගොළුවන් සේය.

එහෙත් ආණ්ඩුව විසින් කුණු කසල කළමණාකරණය පිලිබදව විදේස් සංචාරයක් සංවිධානය කරද්දි එජාපයේ නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු සංගිත් ප්‍රනාන්දු සහ වෛද්‍ය හෙන්රි රොසයිරෝ යන මන්ත්‍රිවරුන් හැරෙන්නට අන් සියළුවම එජාප නාගරික මන්ත්‍රිවරුන් කුණු ගැන ඉගෙන ගන්න විදෙස් ගත විය.
පාප්තුමන්ගේ මීගමුව සංවාරය ජනවාරි 15 වෙනිදාට යෙදි ඇත.
මෙතෙක් මීගමුවේ කුණු බැහැර කළ කොච්චිකඩේ ඔවිටියාවත්ත  ප්‍රදේශයේ ජනතාව දැනට දින 3ක සිට දැවැන්ත විරෝධයක නිරතව සිටින්නේ එහි කුණු බැහැර කිරිමට යළිත් කිසිසෙත් ඉඩදෙන්නේ නැති බව කියමිනි.
කෙසේ වෙතත් අද මේ කුණු ප්‍රශ්ණය උසාවිය දක්වා ගොස් තිබුණි.ජනතාවගේ පැත්ත දෙස සානුකම්පිතව බැලු විනිසුරුතුමන් කියා සිටියේ  පාප්තුමන්ගේ ගමන යෙදෙන 3 කාලයට පමණක් කුණු කසල බැහැර කිරිමට ඉඩ දෙන ලෙසය.
මේ අර්බුදය හමුවේ දැන් අසරණ ව සිටින්නේ මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින් සහ සේවකයන්ය.