දේශපාලකයන්ගේ ”මාටියා” කඩ ව්‍යාපෘති නිසා වෙළෙන්දෝ අනාථයි

0
239


දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක දිනපතා පොළ සඳහා පාවිච්චි කිරීමට ලබාදුන් බදු කාලය අවසන් බැවින් ලබන ඉරුදින ඒවා කඩා ඉවත්කිරීමට මීගමු නගර සභාව විසින් තීරණය කොට ඇත.

පසුගිය දෙවන දින (මර්තු 02 ) දින සිට දින 7 ක කාලයක් මෙහි තාවකාලිකව පවත්වාගෙන යන කඩ ඉවත් කර ගැනීමට අවසර ලබා දී ඇත.
        මෙම ස්ථානයේ මේ වන විට ව්‍යාපාරික ස්ථාන 44 ක් පවතින අතර මෙය මීට  වසර 3කට පෙර පළාත් සභා මන්ත්‍රී නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ ඉල්ලීමකට අනුව හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් වසර දෙකකට මීගමු මහ නගර සභාවට බද්දට දෙන ලදි. මෙම වෙළදසැල් ලබාදීමේ කොන්ත්‍රාත්තුව පැවරුණේ මන්ත්‍රි ෆරීස් ට වන අතර කඩ 25ක් තැනීමට යෝජනා වූ අතර අවසානයේ කඩ 40ක් පමණ ඉදිකරන ලදී.මේ ගණුදෙනුවේදි ලක්ෂ ගණන් මුදල් වලට මේ අළුතින් එක් කළ කරන්නට යෙදුන කඩ ගණුදෙනුව සරුවට ගොස් තිබුණි.
මේ අකාරයටමේ ඉඩම හරහා  මේ වෙළෙදුන්ගෙන් ද ගසාකෑමට සලසා ගත්තේ මීගමුව CIB එකට පිටුපසින් ඇති  ‘තැබෑරුම් වත්ත” නම් ඉඩමේ වෙළදසැල් බසාර් එකක් සාදා දෙන පොරොන්දුව පිටය.මේ ස්ථානයේ ඇමති නිමල් ලංසා විසින් රාත්‍රි පොළ ඉදිකිරිමට ලක්ෂ ගාණක් වැය කරමින් මුල් ගල් තැබුවද දැන් ඒ සියල්ල අතර මග නැවති ඇත්තේ අදාල ව්‍යාපෘතිය භාරගත් කොන්ත්‍රාත්කරුවන් පවා මුදල් ගෙන වැඩේ අතර මග දමා ගොස් ඇති තත්වයක්ද සමගිනි.
පසුව මීගමුව මහ නගර සභාව විසින් මීගමුව ලංකා බැංකුව ඉදිරිපිට සිටි පදික වෙළඳුන් ඉවත් කර ඔවුන් හට මෙම ස්ථානය ලබා දුනි.  ඒ සදහා දිනකට රු.60 බදු මුදලක් යටතේ   වසර 2ක කාලයක් නගර සභාව විසින් අය කරන ලදී.
මේ වසරේ සිට රු 70 මුදලක් අය කරන බව එම වෙළඳුන් පවසයි.
   “මම මොහොමඩ් නසීරි.
අවුරුදු 20ක් ඉදලා ලංකා බැංකුව ඉස්සරහා අපි වෙළඳාම් කරගෙන ආවා.
පස්සේ පොලීසියෙන් ඇවිත් කිව්වා අපිට කඩ අයින් කරගන්න කියල්ල.
ඉතින් අපි අයින් කරගත්තා.
ඊට පස්සේ නිමල් ලාන්සා මන්ත්‍රීතුමා මැදිහත්වෙලා තමා මෙම ඉඩමේ කඩ දාගන්න කීව්වේ.
එතකොට නගරාධිපති තුමාත් හිටියා.
හැබැයි මාස 06 කට තමා දෙනවා කිව්වේ. පස්සේ අර  Cඓඹ් එක පිටිපස්සේ හදන කඩ දෙනවා කියල කිව්වා.
අපි දවසකට රු 60 ගානේ නගර සභාවට ගෙව්වා. මේ කඩවල් හදන්න ලක්ෂ 03ක් විතර ගියා.
කඩ වලට කරන්ට් එක ගන්නත් නගර සභාවෙන් අවසර දුන්නා.
ඒකටත් 25000ක් වගේ වියදම් උනා.
මේ හැමදේම වෙලා තියෙද්දි තමා අපිට දැන් අයින් වෙන්න කියන්නේ. අපි මෙතනට එකටම එද්දි  ආවේ 26 දෙනයි. එත් පස්සේ 16 දෙනෙක්ට වගේ මන්ත්‍රීවරයෙකුගේ මැදිහත් වීමෙන ලබා දුන්නා.
අපි ඉල්ලන්නේ අපිව මෙතනින් අයින් කරනවා නම් අපිට වෙන තැනක් හදල දීලා අයින් කරන්න කියලයි.”

    මේ පිළිබඳව මීගමුව දුම්රිය ස්ථානාධිපති තුමාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ  බදු කාලය අවසන් බැවින් දුම්රිය දෙපාර්ත්තමේන්තුව විසින් මෙම ඉඩම මිගමු නගර සභාවෙන් ඉල්ලා ඇති බවයි.IMG_8990

IMG_8985 IMG_8968 IMG_8958 IMG_8950IMG_8985