දේශපාලකයාගේ උපන් දින කේක් කැපිල්ලට පාසැල් දරුවන් හවුල් කරගැනිම ගැන දැන් තවත් කථාවක් !

0
94

dayan b day 5(10.20 am ) අප විසින් පසුගියදා හෙළිකරන්නට යෙදුන මිගමුවේ කුප්‍රකට දේශපාලන පවුලකට අයත් දේශපාලකයෙකුගේ උපන් දින සැමරුමක් සදහා පාසැල් දරුවන්ද සම්බන්ධ කරගෙන තිබුණ අයුරු අදාල දේශපාලකයාගේ මාධ්‍ය සංදර්ශණ මුහුණු පොතේම පළ කර තිබුණි.
එක්තරා කතෝලික පාසැලකට අයත් දැරියන්ට අදාල දේශපාලකයා  විසින් කේක් කවද්දි ඒ කි පාසැල් දැරියන් ලැජ්ජාවෙන් සිටින අයුරු අදාල ඡායාරූප මගින් මනාව පිළිඹිඹු වේ .
අපගේ මේ හෙළිකිරිම් වලින් පසු මිගමුව තුල මෙන්ම රට තුල පොදුවේද පුළුල් කථා බහක් මේ පිළිබදව මතුව තිබුණි.
පිස්සන්ට හැතැම්ම නැති ගාණට මිගමුව මහනගර සභාව තුල සිදුකරමින් ඇති අනික් වැඩ මෙන් නොව මේ සිදුවිමේ බරතල කම පමා වි හෝ තේරුම් ගෙන ඇති අදාල දේශපාලකයා සහ ඔහුට උපදසේ දෙන පිරිස විසින් දැන් පැහැදිලි කිරිම් පටන් ගෙන තිබේ.
එවන් පැහැදිලි කිරිමක් අදාල දේශපාලකයාගේ මුහුණු පොතේ පළකරමින් කියා ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කතෝලික පාසල් වල පියතුමන්ලා වෙත ඇගිල්ල දිගු කරමින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් දැඩිව හෙලා දකින බවය.
පුස්තකාල පාඨක සමාජය හා අභිරංගන කලා කේන්ද්‍රය එක්ව සංවිධානය කරන ලද
වැඩමුළුවක ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නගර සභා ශාලාවට පැමිණ සිටීමේදී නගර සභාවේ පුස්තකාල කාර්යය මණ්ඩලය එම වැඩමුළුව ආරම්භයට පෙර කේක් කපා
මාගේ උපන්දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කිරීමයි යනුවෙන්ද එහි සදහන්ය.

ඒ සදහා මේ පිලිබඳ සියලු විස්තර හා අදාල වැඩමුළුව සදහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත් ලිපි ලේඛන ඇති බවද වැඩිදුරටත් අදාල පැහැදිලි කිරිම් වලදි දක්වා ඇත.

මේ පැහැදිලි කිරිම් අනුව කේක් කැපිල්ල තවත් දුරදිග යායුතු අවනඩුවක් බවට පත්කර තිබේ.
මෙලෙස පැහැදිලි කිරිම් සිදුකරමින් සිදුව වැරැද්ද වසා ගන්නට දැගලුවද ඒ සියල්ල ගල උඩ කැත කළ බළලාට වුණ දේ බවට පත්ව ඇත්තේ කවර ආකාරයේ පැහිදිලි කිරිම් වලින් වුවද නිදහස් විය නොහැකි අන්දමේ  බරපතල වැරැද්දක් දැනමටත් සිදුව ඇති බැවිනි.
.

1.අදාල පැහැදිලි කිරිම් වලට අනුව මේ දරුවන් පැමිණ ඇත්තේ වැඩමුළුවකටය.ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන්ද අවසර ගෙන ඇති බව සදහන්ය.අධ්‍යාපන අමාතංශය මේ අනුව පුස්තකාලයේ නිළධාරින් හට අවසර දි ඇත්තේ පාසැල් දරුවන්ගේ වැඩමුළුවකටය.
එසේ නොමැතිව වැඩමුළුවක් අස්සේ  දේශපාලකයෙකුගේ උපන් දින කේක් කැපිල්ලක්ද ඇති බවත් ඒ සදහාද දරුවන්ව සම්බන්ධකරගන්නේ යැයි එකි අවසර ගත් ලිපි වල සදහන්ව ඇතිදැයි අප යළිත් අදාල බලධාරින්ගෙන් විමසා සිටිමු.මේ අනුව අපට මේ පුස්තකාල බළධාරින්ගෙන් අසන්නට ඇත්තේ සිය දේශපාලකයා තුටු කිරිම සදහා කර ඇති බරපතල වැරැද්දේ තරම දන්නවාද යනුවෙනි.
මේ ගැන අදාල නිළධාරින් සියල්ල ආයතන නීති සංග්‍රහයන් යටතේ ප්‍රශ්ණ කිරිම් වලට අනිවාර්යෙන්ම යොමුකර යුතුව තිබේ.

2.අදාල පාසැල්වල දරුවන්ව වැඩමුළුවකට සම්බන්ධ කරගැනිමට පමණක් අවසර දි ඇති පසුබිමක එකි දරුවන්වද අපහසුවකට පත්කරමින් පාසැල් නිළඇදුම් ඇද සිටින දැරියන්ට අදාල දේශපාලකයෙකු විසින්   කේක් කැවිම ගැන පාසැලේ ප්‍රධානින්ගේ හෝ දෙමව්පියන්ගේ නිළ අවසරයක් ගෙන තිබුනේද ?

3.. මංගල සමරවිර ඇමතිවරයා පසුගිය දිනක දේශපාලකයන්ට ගරු කළ යුතු අන්දම අපුරු කෙලින් කථාවක් කර තිබුණි.එහිදි ඔහු කියා සිටියේ දේශපාලකයන්ට කිසිවිටකත්  දණ නමා ආචාර නොකළ යුතු බවය. ඔවුන් අතර කුඩුකාරයන් මිනිමරුවන් සිටින බවද ඔහු එහිද සදහන් කර තිබුණි.
මේ පැහැදිලි කිරිමෙන් පසුව ඔහු සහභාගිව සිටි පාසැල් උත්සවයකදි දරුවන්ට අතට අත දි ආචාර කරනු අයුරු අප මාධ්‍ය ඔස්සේ දුටිමු.ප්‍රතිපත්ති ගරුක දේශපාලකයා යනු එවැන්නෙකි.
මිගමුවේ දි පසුගිය දිනක දරුවන්ට කේක් කපා ඒ අයගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මුහුණු පොත ඔස්සේද ඒවා ප්‍රචාරය කර ඇත්තේ මිගමුව ඉතිහාසයේ නගර පාලනය තුල බිහිවු කුප්‍රකටම  ප්‍රධාන පුරවැසියාය.
ඔහුට ඇති චෝදනා අපමණය. මිගමුව තුල පමණක් නොව සමස්ථයක් ලෙසින් රටතුලද මේ දේශපාලන පවුල ගැන ඇත්තේ අපුලකි.
ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින්ම පාර්ලිමේන්තුව තුලදි පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබේ.
කතෝලික පාසැල දැරියන් හට කේක් කවන්නේ එවන් දේශපාලකයෙකු විසිනි.
දැන් ඉතින් මේ ගැන අදාල සියළු බලධාරින් කියා සිටින්නේ කවරක්ද ?

4. අදාල පාසැල්වල බළධාරින්  අදාලවෝදනාවලින් නිදහස් විමට නම් කළ යුතු එක් කාරණයක් ගැන මෙහිදි අවධාරණය කිරිමටද අප කැමැත්තෙමු.
එනම් පාසැල් වැඩමුලුවකට යැයි කියා මහනගර සභාවට යැවු දරුවන්ව සම්බන්ධ කරගනිමින් දේශපාලකයෙකුගේ උපන් දින සැමරුමක් පැවැත්විමට ක්‍රියාකර ඇති සියළු වගකිවයුත්තන්ට එරෙහිව සිය විරෝධයන් පළකොට අදාල  ක්‍රියාමාර්ග ගැනිමට පියවර ගැනිම ඔස්සේම පමණි. එවන් මැදිහත්විමක් නොපමාව අදාල පාසැල් බලධාරින් විසින් සිදුකරනු ඇතැයි අප වඩාත් විමසිල්ලෙන් සිටින්නෙමු.

5.මෙය රාජපක්ෂ පාලනය නොව යහපාලනය බව මේ කව්රුන් විසිනුත් වඩාත් හොදින් තේරුම් ගත යුතුව තිබේ.
එනම් පාසැල් දරුවන් යනු තවදුරටත් දේශපාලකයාව තුටු කිරිම සදහා යොදාගත හැකි ජිවින් කොට්ටාශයක් නොවන බවය.එහෙත් පරණ පුරුද්දට මෙන් ඇතැම් දේශපාලකයන් සිතා සිටින්නේ පාසැල් දරුවන් යනු තමන්ගේ ප්‍රචාරක උපකරණයක් ලෙසින් යැයි  සිතන රාජපක්ෂ රෙජිමයේ ඇතැමුන්ගේ ක්‍රියාවන් තුලින් දිගින් දිගමටම මතුවෙමින් තිබේ.

සැබැඳි පුවත් –

දේශපාලකයාගේ කේක් කැපිල්ලට දරුවන් යැව්වේ කව්ද ?