දේශපාලන ආධාරකරුවන්ට මීගමුව නාගරික කොමසාරිස්ගෙන් රැකවරණ

0
35

MC-NGB1(දෙවන සංස්කරණය )පසුගිය මැතිවරණ සමයන්වලදි නිමල් ලංසාගේ මැතිවරණ කටයුතු සදහා යොදාගත් නගර සභාව විසින් මුදල් ගෙවා නඩත්තු කරන ,ලද කුළි වාහනයක රියදුරෙකු වු සුසන්ත නැමැත්තාව දැන් මීගමුව මහනගර සභාවෙන් පඩි ලබන අයෙකු සේ සේවයට බදවා ගෙන ඇතැයි වාර්ථාවේ .
එහෙත් ඔහු කිසිදු අංශයක රැකියාව කරන්නෙකු නොවේ.
අනෙකුත් කම්කරුවන් පවසා සිටින්නේ අදාල තැනැත්තා ජැන්ඩි පහට ඇද සුභ සාධක අංශයට වි සිටින බවය.
ඔහුගේ ඇත්ත රාජකාරිය වි ඇත්තේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ අතිරේක රියදුරෙකු ලෙසින් සේවය කිරිමය.
මේ අතර නගර සභා අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටින්නේ මේ තැනැත්තා සදහා මසකට අතිකාල පැය 200 කට අාසන්න ප්‍රමාණයක්ද ලැබෙන බවය.
මේ සියලු නිතිවිරෝධි කටයුතු සදහා මීගමුව මහ කොමසාරිස්වරයාගේද පුර්ණ අනුමැතිය ලැබෙමින් ඇතැයි ද පැවසේ .
මේ ගැන කරුණු විමසිම සදහා නාගරික  කොමසාරිස්වරයාගේ ජංගම දුරකථනයට අවස්ථා කිපයදිම අප අමතා සිටියද ඔහු පිළිතුරු දිම සදහා පැමිණියේ  නැත.එමෙන්ම නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාවද අප සම්බන්ධ කරගැනිමට ගත් උත්සාහයන් කිපයක්ද අසාර්ථක විය.
පසුගිය කාලය තුල මීගමුව මහනගර සභාව තුල මෙවැනි සිදුවිම් ඉතාමත් සාමාන්‍ය ඒවා බවට පත්ව ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු නාගරික මන්ත්‍රිවරයෙකු සදහන් කර සිටියේය.