දේශපාලන තනතුරක් දරන්නෙකුට මිනිමරුවෙකු වෙනුවෙන් පෙනි සිටිය හැකිද ?

0
95

1මීගමුව එජාප නිතිලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා මෑත ඉතිහාසය තුල අවස්ථා දෙකකදි ඝාතන චෝදනා ලැබු අය වෙනුවෙන් පෙනි සිට ඇත.
මේ එක් අවස්ථාවක් වන්නේ නිදහස් වෙළද කලාපයේ කම්කරුවෙකු වු රෝෂාන් චානකගේ ඝාතකයන් වෙනුවෙනි.
අනික් අවස්ථාව වන්නේ නිදහස් වෙළද කලාප කම්කරු යුවතියක දූෂණය කොට මරාදැමු වෛද්‍ය සුදර්ශන බාලගේ වෙනුවෙනි.
දැන් අපට මතුවෙන ප්‍රශ්ණය වන්නේ නිතිඥයෙකු ලෙසින් තව සේවා ලාභියා කව්රුන් වුවත් එසේ පෙනි සිටින්නට ඇති අයිතිය අපි අභියෝගයකට ලක් නොකළද මතුවන ගැටළුව වන්නේ ඔහු කිසියම් සමාජ දේශපාලනයක යෙදෙන්නේ නම් ඝාතකයන් වෙනුවෙන් පෙනි සිටින්නට ආචාරධාර්මික අයිතියක් ඔහුට ඇත්තේද යන්නයි…
මේ ප්‍රශ්ණය වරක් මීගමුව ආසන සංවිධායක වු වෛද්‍ය ජයලත් මහතාගෙන්ද අප විමසා සිටි අවස්ථාවේ එජාප නිතිලේකම් හැටියට එම තැනැත්තා එසේ කිරිම තමන් අනුමත නොකරන බව පවසා සිටියේය.
විශේෂයෙන්ම අසරණ ගැමි යුවතියක දූෂණය කොට මරාදැමු ඝාතකයෙකු නිදහස් කරගැනිමට ඝාතකයාට අදාලව පෙරවැරදි නැතැයි පවා කියමින් අධිකරණය ඉදිරියේ මැදිහත්විම නින්දාසහගත නොවේද ?
තතු එසේ වුවද මීගමුව එජාප නිතිලේකම්වරයා දැනට මාස 6 කටත් වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින තම ආසන සංවිධායකයා වු රොයිස් විජිත මහතාගේ නඩුව වෙනුවෙන් පෙනි නොසිටි….?????
පහත පළවන්නේ වෛද්‍ය සුදර්ශන බාලගේ බේරාගැනිම වෙනුවෙන් අවසන් මොහොතේ අධිකරණයෙන් කරන ලද ආයාචනයයි.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා –

විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස්‌ ජීවිත බේරන්න මිස මිනිස්‌ ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්‌. මව විශ්‍රාමික ගුරුවරියක්‌. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක්‌ පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

උපටාගැනිම දිවයින පුවත්පත