දේශපාලන ප්‍රබලයන් සමගි ජනබලවේගය හැර යාම අරඹයි ! අද සබරගමු හිටපු ආණ්ඩුකාරවරිය ඉවත් වෙයි !

0
61
niluka
 සමගි ජන බලවේගය ගොඩනැගිමට මුල්ව කටයුතු කළ  තිරාණාත්මක දේශපාලන චරිතය වු හිටපු මුදල් ඇමති මංගල සමරවිරගේ සමුගැනිමෙන් ඇරඹුන සමගි බලවේගයේ දේශපාලන නායයාම දැන් තවත් ඉදිරියට ඇදි යන්නේ එයට සම්බන්ධව සිටින ප්‍රබල දේශපාලන චරිතද ඉවත් වෙන තත්වයක් දක්වා එය වර්ධනය වෙමිනි.

එළඹෙන මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට  තරග වැදීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ හිටපු ආණ්ඩුකාරවරියක වන නිලූකා ඒකනායක, එම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඇය ඒ පිළිබඳ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියකින් ද දන්වා ඇත.

.