දේශපාලන රැකවරණ ලබන පාකිස්තානු ජාතිකයින්ට විශේෂ සායනයක්

0
67

අද පෙරවරුවේ දලුපත,වැල්ලවීදිය, කුඩාපාඩුව යන ප්‍රදේශ වලදී පෝලියෝ එන්නත් ලබාදීමේ විශේෂ සායන කීපයක් පැවැත්වුණි. මෙම සායන පැවැත්වූයේ පකිස්ථානයෙන් පැමිණ මීගමුවප්‍රදේශයේ පදිංචි වී සිටින පාකිස්තානු ජාතිකයන් වෙතයි. මෙම පකිස්තානු ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ එහි පවතින ආගමික ගැටුම් හේතුවෙන් වන අතර මේ වන විට එම පකිස්තානු ජාතිකයින්ගෙන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පැවති සායන වලටද මොවුන්ගේ සහභාගීත්වයේ අඩුවක් පෙණුන අතර එයට හේතුව ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් ගැන ඇති බියද හේතුවක් වන්නට පුලුවන. අනිත් කරුණ මේ දිනවල පැවැත්වෙන රාමසාන්  උපවාසය ද බලපෑ හැක. කෙසේ නමුත් මීගමුව මහනගර සභාවේ ප්‍රචාරක රථයකින් මේ පිළිබඳව උර්දු බසින් ප්‍රචාරයක් ද සිදුකර තිබුණි. මෙම ඡයාරෑප වලින් දිස්වන්නේ දළුපත සහ වැල්ලවීදියේ දී පැවැත්වූ සායන වල දර්ශනයි.
DSC06145DSC06138 DSC06149 DSC06165 DSC06170 DSC06129ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්