දේශපාලන සිරකරුවන්ගේ නිදහස ඉල්ලන උතුරේ උද්ඝෝෂණයකට දකුණේ සහය.(වීඩියෝ)

0
106

protest Northඅත් අඩංගුවේ පසුවන දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණේ බහුජන සංවිධාන කිහිපයක් උතුරේ විරෝධතාවයක් පවත්වා තිබේ.

වව්නියාව බන්ධනාගරයේදි පහරදී මරා දැමු ගනේෂන් නිමලරූබන් සහ මරියදාස් ඩිල්රුක්ෂාන් ඝාතන කර වසර 5ක් ගතවීත් කිසිදු යුක්තියක් ඉටු නොවීමට එරෙහිව විරෝධතාව සංවිධානය කළ බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යපාරය පවසයි.

වව්නියාව බන්ධනාගාරයට 2012 ජූනි අගදී කඩා වැදුන විශේෂ කාර්ය බලකාය එහි සිටි දේශපාලන සිරකරුවන්ට අමානුෂික ලෙස පහර දීමෙන් අනතුරුව නිමලරූබන් සහ ඩිල්රුක්ෂාන් මිය ගියහ.

මියගිය දිල්රුක්ෂාන් සිද්ධියෙන් අවුරුදු තුනකට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මව විසින් හඳුනාගෙන තිබුනේ 2012 ජූලි 7 දා රාගම රෝහලේදීය.

එතෙක් ඔහු සිටි තැනක් බලධාරීන් විසින් දන්වා තිබුනේ නැත.

වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේ 08 අඟහරුවාදා විරෝධතා පැවැත්වු බව කී දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යපාරයේ සුන්දරම් මහේන්ද්‍රන් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කර සිටී.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පවරා තිබෙන 84 දෙනකුගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු අතර එම ලේඛනය අසම්පුර්ණ බවටයි දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනිමේ ජාතික ව්‍යපාරය චෝදනා කරන්නේ.

පනත යටතේ පුද්ගලයින් 81 දෙනෙකු රඳවා ඇති බවට රජයේ නිල සංඛ්‍යා ලේඛන වල සඳහන් වන අතර ඉන් 70 දෙනෙකු වසර 5 තිස්සේ කිසිඳු නඩු විභාගයට ඉදිරිපක් කර නොමැති අතරම තවත් 12 දෙනෙකු නඩු නොමැතිව රඳවා ගෙන ඇති බවට පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන බෙන් එමර්සන් කියා තිබුණි.

මෙම පුද්ගලයින් වහාම ඇප මත මුදා හැරිය යුතු බවට රජයට නිර්දේශ කරන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නො එසේනම් “වසර ගණනකින් හෝ දශක ගණනකින් නොව” සති හෝ මාස කිහිපයකින් ඔවුන්ට නඩු පැවරීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here