‘දේශානුරාගය’ පවතින්නේ කොඩියක් මත ද ? රෝගයක් මත ද ? විදෙස්ගත ශ්‍රිලාංකිකයෙනි දැන්වත් හිතන්න !

0
131

හැදල 2“වසංගත රෝගයකින් මිදීමට මිනිස් වර්ගයා ලෙස අප ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකරයෙන්ම ගත යුතු බව ඇත්තය!

එහෙත් පසුගිය වසර කිහිපය පුරාවට, විශේෂයෙන්ම සමාජ මධ්‍ය ජලා ඔස්සේ ‘දේශානුරාගයෙන්’ කම්පිත වෙමින් හැසිරුණු ඉතාලිය ඇතුලු වෙනත් රටවල වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අප යලි යලිත් පවසන්නේ, ඔය කිසිම දේකටත් වඩා වටින්නෙ ‘මනුස්සකම’ කියාය…!

‘දේශානුරාගයේදි’ ඔබත් සමඟ එකතු වී සිංහයා පමණක් සිටින කොඩි උස්සන්, සිංහලෙන් පමණක් ජාතික ගීය ගයන්න ඉල්ලමින්, මේ රටේම පුරවැසියන් වන, මේ රට වෙනුවෙන්ම වැඩ කරපු තවත් මනුස්සයෙක්, තවත් ජාතියක්, තවත් ආගමක් පෙලපු ඔබේ සගයාමයි අද ‘කොරෝනා’ නිසා ඔබව ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ…!

අවුරුදු ගණනක් පුරාවට වෙනත් රටක වෙසෙමින්, “මේ මගේත් රට…!” කියා පවසමින්, කිසිඳු අංකුර අදහසක් නොමැතිව, හුදෙක් තමා සතු බල අයිතියක් පාවිච්චි කරමින් මේ දුප්පත් රටට, භයානක වෛරසයක් සමඟ ඇතුලු වීමට උත්සාහ කරන ඔබ තුළත්, ‘මනුෂ්‍යත්වයට’ වඩා ‘දේශානුරාගය’ ලියැලෙමින්, ඒ මතින් කෙසේ හෝ ගොඩ යා යුතුයැයි ‍යන සිතුවිල්ල වැඩෙමින් පව්තී.

ඉතිං ඔබ යලිත් සිතන්න, ‘දේශානුරාගය’ පවතින්නේ කොඩියක් මත ද ගීයක් මත ද… එලෙසම, ‘දේශානුරාගය’ රෝගයක් මත ද පැවතිය හැක…! මේ… අයෙක්ට තම ක්‍රියාව පාරාවලල්ලක් වන ඒ දුර්ලබ මොහොතයි…!”

– සමනලී ෆොන්සේකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here