ජොහානාදාස් යළිත් කරළියට

0
119

දොන්රේමියේ   රන් අසිපත හෙවත් ශුද්ධ වු ජොහානාද ආර්ක්  මුනිවරියගේ ජීවිත කතාව ඇසුරින් මීගමුව පිටිපන ප්‍රදේශයෙන් බිහිවුණු ශ්‍රී ලාංකේය නාඩගම් කලාව තුළ නව මං සලකුණක් සනිටුහන් කළ ජොහානාදාස් නාඩගම් නාටකයේ නව නිර්මාණය නැවතත් මීගමුව, නගර ශාලාවේ දී වේදිකා ගත වීමට නියමිතව ඇත.

එළඹෙන ඔක්තෝබර් 28 වැනි සඳුදා දිනයේ දී මීගමුව නගර ශාලාවේදී වේදිකාගත වීමට නියමිතව ඇති ජොහනාදාස්  නාඩගම් නාටකයේ නව නිර්මාණය එදින පෙරවරු දර්ශන වාර 02 ක් පාසල් ළමුන් වෙනුවෙන් වේදිකා ගත කිරීමට මෙහි සංවිධායකයින් කටයුතු කර තිබේ. ඒ අනුව එදින පෙරවරු 8.30 සහ පෙරවරු 11.00 යන දර්ශන 02 පාසල් දරුවන් වෙනුවෙන් වෙන් කර ඇත. එමෙන්ම එදින සවස 6.30 ට පැවැත්වෙන පස්වරු දර්ශනය මහජන දර්ශනය ලෙස නම් කර ඇත.

ජොහනාදස් නාඩගම් නාටකයේ නව නිර්මාණයේ මංගල දැක්ම පසුගිය ජූලි මස 27 වැනි දින මීගමුව, නගර ශාලාවේදීම වේදිකා ගත කෙරිණි.

ජොහානාදාස් නාඩගම් නාටකයේ නම නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ මීගමුව , ශාන්ත මරියා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරයා වන උචිත සශිර ප්‍රනාන්දු විසිනි. එමෙන්ම මෙම නව නිර්මාණය රචනා කොට ඇත්තේ මෙහි පොතේ ගුරුගේ චරිතය රඟපාන හෙක්ටර් සිල්වා විසිනි . මෙහි ජොහනාගේ වැඩිමහල් කාලයේ චරිතයට පණ පොවන්නේ මීගමුව පිටිපන, ශාන්ත මරියා විද්‍යාලයේ බටහිර සංගීතය පිළිබඳ ආචාරිණී හෂිනී ගමගේ මහත්මියයි. එලෙසම ජොහානාගේ බාල කාලය නිරූපණය කරන්නේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ උසස් පෙළ  12 වසරේ ඉගෙනුම ලබන සත්සරණි ආකර්ෂා ශිෂ්‍යාවයි.මෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ සංගීත ශාස්ත්‍රපති සිසිර ලියනවත්ත මහතායි. මෙම නාඩගම් නාටකයේ මද්දල් වාදන ශිල්පියා ලෙස කටයුතු කරන්නේ මෙරට ප්‍රවීණ මද්දල් වාදන ශිල්පියෙකු වූ නන්දන ගුණසිංහ මහතායි.
ඒ අනුව එළඹෙන 28 වැනි (10/28 ) වැනි දින නැවත වේදිකාගත වීමට නියමිත  ජොහාානාදාස් නාඩගම් නාටකය සඳහා පිටිපන ප්‍රදේශයේම වෙසෙන කලා කුසලතාවයන්ගෙන් අනූන ප්‍රවීණ මෙන්ම දක්ෂ ආධුනික නළු නිළි කැලක් මේ හා සම්බන්ධ වී සිටි.  නළු නිළියන් 17 දෙනෙකු සහ  ගායන ශිල්ප ශිල්පීනියන් 15 දෙනෙකුද මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

ඒ අනුව මීගමුව පුරවරයට පමනක් නොව මුළු ශ්‍රී ලංකාවටම මා හැඟී ඓතිහාසික සහ සංස්කෘතිමය දායාදයක් වු ඉපැරණි ජොහානාදාස් නාඩගම් නාටකයේ මෙම නව නිර්මාණයේ මංගල දර්ශනය නැරඹීමට නොහැකි වූ අයටත්  පාසල් දරුවන්ටත් නොවරදවාම එළඹෙන 28 වැනි සඳුදා දින මීගමුව නගර ශාලාවට පැමිණෙන ලෙස සංවිධායකයින්. සුහදශීලීව ආරාධනය කර සිටි.

නාට්‍ය සංවිධානය –
ප්‍රවේශ පත් සඳහා,  අමතන්න

074 389 9600  ( චන්දන )

077 881 0663  ( උචිත )
.