” ද සිල්වා මාවත ” හැදෙන්නේ නැත්තේ ඡන්දෙ හින්දලු.

0
247

 

මීගමුව මහා නගර සභාවට අයත් “ද සිල්වා මාවත”  දැනට කාලයක සිට ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇති බව මීට පෙර වතා කිහිපයකදීම අප මීපුර ප්‍රවෘත්ති වෙබ් අඩවිය මඟින් ද අනාවරණය කළෙමු.
                     මීගමුව, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් ඇති
තම්මිට දේවස්ථානය අසලින් ආරම්භ වී අඟුරුකාරමුල්ල විහාරස්ථාන සමීපයට විහිදී යන මෙම ” ද සිල්වා මාවත”   කලක;සිට එහි ගල් සහ තාර ගැලවී වලවල් සෑදී බෙහෙවින් අබලන් තත්ත්වයට පත් වී ඇත. කාපට් යොදා;මෙම මාවත මීගමුව ප්‍රදේශයේ ප්‍රධාන අතුරු මාවතක් ලෙස සකස්  කර  තිබුනත් මේ වන විට එහි අබලන් තත්ත්වය නිසා  රථ වාහනවලට සේම යතුරුපැදිවලටත් ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.IMG 20241017 WA0126img 20241017 wa01278499903841653923813img 20240928 wa008812408347235386630762

              විශේෂයෙන්ම පහුගිය ගෙවුණු වැසි සහිත දිනවලදී මෙම වලවල් වල වැසි ජලය පිරි තිබීමෙන් මාවතේ ධාවනය වූ රථවාහන වලට මෙන්ම  යතුරුපැදිකරුවන්ටත් දැඩි අවදානම් සහිත තත්ත්වයක් යටතේ එම යතුරු පැදි ධාවනය කිරීමට සිදුවිය.

          මෙයට කලකට ඉහතදී මෙම “ද සිල්වා මාවත”  පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA) මගින්  කාපට් කර නවීකරණයට ලක් කළත් මෙම මාවත පැවරී ඇත්තේ මීගමුව මහ නගර සභාවටයි.
                “ද සිල්වා මාවත ” අලුත් වැඩියා කිරීම සම්බන්ධයෙන් විමසීමට අප  මීගමුව මහ නගර සභාවේ ඉංජිනේරු අංශයට කතා කළ විට එම අංශ⁣යේ  ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ ද සිල්වා මාවත ඇතුළු මීගමුවේ මහා නගර සභාවට අයත් තවත් මාවත් සහ පාරවල් කිහිපයක්ම අලුත් වැඩියා කළ යුතු තත්ත්වයක තිබෙන බවයි. ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලීම් කළද ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණය නිසා මෙතෙක් ප්‍රතිපාදන ලබාදී නොමැති බව ද ලේකම්වරයා පැවසීය

එලෙසම ඔහු වැඩිදුරටත් පවසන්නේ මහා මැතිවරණයෙන් පසු මීගමුව මහා නගර සභාවට අයත් පාරවල් සහ මාවත් වල අලුත් වැඩියා කටයුතු කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන  ලැබේ යැයි බලාපොරොත්තු වෙන බවයි. කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ  මේ සඳහා යම් තාවකාලික සහ ඉක්මන් විසඳුමක් ලෙස ඒබීසී (abc) යොදා එම මාවත්වල සහ පාරවල් වල සෑදී ඇති වලවල් වසා දැමීමට ඉක්මනින්ම කටයුතු කරන බවයි. 

මේ අතර පසුගිය දිනක නිමල් ලංසාගේ දේශාපාලන කාර්යාලය ඉදිකිරිමට සැලැසුම් කර තිබුණ බිමක
වතුර හිට ඇති නිසා මිගමුව මහනගර  සභාව වහා මැදිහත්වි ඒබීසී (abc) යෙදිමට කටයුතු කර තිබිම ගැන චෝදනාවක්ද මාලිමාවේ දේශාලන ක්‍රියාකාරින් සිය ෆේස් බුක් පිටුවල සටහන් කර තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here