ධනුක වෙරෝනා හිදී ගඟට පැන්නේ පෙම්වතිය නිසා ද,?

0
221

” අදහගන්ඩත් බැහැ . අපි දහම් පාසලේදී සතුටෙන් ගෙවපු කාලේ හීනයක් වගේ ”

මේ පසුගියදා වෙරෝනාහිද ී මිය ගිය ධනුක ජයමාල් ප්‍රෙෂ්ලි නම් වු රැවැති තරැණයාගේ  ඡායාරූපයකට යටින්  ඔහුගේ මිතුරියක් FaceBook  හි  ලියා තිබූ වදන් පෙළකි.  ඒමෙන්ම මේ දිනවල ඔහු  පිළිබද ශෝක සටහන්  සහා ජායාරෑප   ඔහුගේ  මිතුරු මිතුරියන්  FaceBook  හි  පළකරති.

ඉතාලියේ වෙරෝනා හිදී ශ්‍රී ලාංකික තරැණයෙකු  ගගකට පැන සියදිවි නසාගත් පුවතක් පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කලේය.  මෙම තරැණයා වෙන්නප්පුවේ  දෙමටපිටියේ තරැණයෙකු වන අතර  ඔහු  මිය යන විට අවුරුදු 23 වියෙහි පසුවිය.  ධනුක ජයමාල් ප්‍රෙස්ලි නම් මෙම තරුණයාගේ  මරණයට හේතුව සිය පෙම්වතිය සමග ඇතිවූ ආරවුලක් බව ට  මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

මේ ඛේදනිය පුවත ඇතැම් මාධ්‍ය මැට්ටන් වාර්ථා  කර තිබුනේ ලක් පෙම්වතා වෙරෝනා ගඟට පනී. යනුවෙනි .මිනි විකුණාගෙන කන්නට පුරුදු වු මේ කාලකණ්නි මාධ්‍ය කලාව යළි ඔළුවෙන් සිටුවාලන්නට කාලය එලඹ ඇත.

කෙසේ වෙතත් මේම තරුණයා වෙරොනා හි ඇති ඇල මාර්ගයකට පසුගිය සදුදා පැනඇත්තේ අලුයම 1 පමණ බවද අපේ ආරංචි මාර්ග සනාථ කර සිටි.අධික ශිතලක් මේ  ප්‍රදේශයෙන් වාර්තා වි තිබුණ අතර ධනුකගේ සිරුර ඇලෙන් ගොඩ ගැනිමටද මෙය බධාවක්ව පැවතුනි.කෙසේ වෙතත් පසගිය බදාදා වන විට ඔහුගේ සිරුර  ගොඩගෙන .තිබුණි.

 

ඔහු   වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු සිසුවෙකි.