ධිවරයන්ට යම් සහනයක් ! භුමිතෙල් ලිටරයක් රු 50 කින් අඩුවෙයි !

0
797

මිල සූත්‍රයට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර තිබේ

එම මිල අඩු කිරීමත් සමඟ ලංකා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 318 ක් වේ

කෙසේවෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහල දමා ඇති අතර ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 385ක් ලෙස වෙනස්ව තිබේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 340 ක්

මේ අතර  ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කර තිබේ ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245ක් ලෙසින් වෙනස්වි තිබේ. රුපියල් 50 කින් භුමිතෙල් මිළ අඩුවිම විශේෂයෙන්ම ධිවර ජනයාට සුබදායි පණිවිඩයක් වනවාට සැක නැත.
බුමිතෙල් මිළ කලින් පැවැති මිළට ගෙන ඒමට රජය තවමත් කටයුතු කර නොතිබුනද මෙවර රු 50 කින් මිළ අඩුකිරිම ධිවරයන්ට යම් සහනයක් වනු ඇත