ධිවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් !

0
48

අඩාල වී ඇති ධීවර කර්මාන්තය නඟාසිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට

ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජාතික ජන බලවේග රජය තීරණය කර ඇත.

එම තීරණය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊට අදාළ උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරෙන අතර මෙම සහනාධාරයද සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට නියමිතය.

ධීවර කර්මාන්තය තිරසාර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය හා කළමනාකරණය කිරීමටත් ඒ තුළින් මත්ස්‍ය නිෂ්පාදනය සුලභ කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා ගත හැකි තත්වයකට පත් කිරීමට හා කර්මාන්තයේ නියැලෙන්න්ගේ ජීවන තත්වය උසස් කිරීමත් පිළිබඳ ජාතික ජන බලවේග රජයේ ප්‍රතිත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඒ අනුව දැනට දැඩි පසු බෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කර ඇත.