ධිවරයන් 180 ක් සමඟින් බහුදින යාත්‍රා 30 ක් ඉන්දුසියාවට ගසාගෙන යයි ??

0
160
seaපසුගිය දින කිපය පුරා රටතුල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම ධීවර යාත්‍රා ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ මිගමුවෙන් හා අවට ප්‍රදේශවලට අයත් යාත්‍රාද මේ අතර තිබෙද යන්න ගැන තවමත් පැහැදිලි තොරතුරක් නැති බවය.

කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව එම ධීවරයින් මෙරටට ළඟා වීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු යෙදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here