ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී පැවති අයහපත් කාලගුණයත් සමඟ මෙම ධීවර යාත්‍රා ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි දැනගන්නට ලැබුනේ මිගමුවෙන් හා අවට ප්‍රදේශවලට අයත් යාත්‍රාද මේ අතර තිබෙද යන්න ගැන තවමත් පැහැදිලි තොරතුරක් නැති බවය.
කාලගුණ තත්ත්වය යහපත් වීමෙන් අනතුරුව එම ධීවරයින් මෙරටට ළඟා වීමට නියමිත අතර අවශ්‍ය වුවහොත් ඔවුන් මුදාගැනීම සඳහා කටයුතු යෙදීමට පියවර ගන්නා බව ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.