
ධිවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර ඊයේ මිගමුව මහනගර සභාවට ඇවිත් තිබුණා. වාර්තා වෙලා තිබුන විදියට ඒ ධිවර සංවිධාන නියෝජිතයොත් එක්ක කථා කරන්න . ඒ රැස්විමේ පින්තුර තැන් තැන්වල ප්‍රසිද්ධ වෙලා තිබුණා.
ඒ පින්තුර වල දැකපු විදියට මිගමුවේ හරි අවට හරි ඇත්ත ධිවර සංවිධානවල නියෝජිතයෝ නම් හිටිය පාටක් තිබුනේ නැ.
ඒ වෙනුවට ධිවර නායකයෝ යැයි එයාලම කියා ගන්න කෙනෙක් දෙන්නෙක් නම් හිටිය වගේ පෙනුනා.
ඒ කියන්නේ ලංසලට ඇමති එනකොටවත් ධිවර සංවිධානවල ඇත්ත නායකයෝ කැන්දගන්න බැරිවෙන තැනට දැන් වැඩ සිද්දවෙලා .
කොහොම උනත් ඇමතිගේ රැස්විමට හිටපු නැති ඇත්ත ධිවර නායකයෝ ඊයේ උදේ පෝරුතොට කම්ල්තොට දේවස්ථානයට එකතු වෙලා නම් හිටිය.
ඒ හැඳල ඉදල කම්මල් තොට දක්වා ධිවර සංවිධානවල නියෝජිතයෝ හැටියට .
ඒ රැස්විමේදි ධිවර රාජ්‍ය ඇමතිටත් අභියෝග කරන්න මේ ධිවර නායකයෝ බය වුනේ නැ.
මුහුදු යනවා මාලු අල්ලනවා අද ( ජුනි 01 ) මාළු උයලා එයාලගේ දරු මල්ලොත් එක්ක ප්‍රසිද්ධියේ කාලා පෙන්වනවා කියලත් වියත්තුන්ටත් අභියෝග කළා…



