ධිවර පක්ෂයේ නායක හිමි පුත්තලමේදි බොදුබලේ නයා අතට ගනී.

0
513

badiwaweBadiwewa 1Badiwewa

ඌව මැතිවරණයෙදි ඡන්ද පිණ්ඩපාතයේ යමින් ...
ඌව මැතිවරණයෙදි ඡන්ද පිණ්ඩපාතයේ යමින් …
2015 පෙබ 15 වෙනිදා හලාවත ඇන්ටනි සමරුවේදි...
2015 පෙබ 15 වෙනිදා හලාවත ඇන්ටනි සමරුවේදි…

බැදිවැව දියසේන නමින් වු හිමිනමක් ගැන අපට මුලින්ම අසන්නට ලැබෙන්නේ ඔහු  ඉන්දියාවේ සිරගත කර සිටින ධීවරයන් වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කිරිමත් සමගින්ය.
මේ කටයුත්තේද ජාතික ධිවර සහෝයෝගිතාවය නම් වු ධිවරයන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානයක පුර්ණ අනුග්‍රහය ලබන්නටද බැදිවැව දියසේන හිමි වාසනාවන්තවෙකු විය.
එතැන් පටන් ජාතික ධිවර සහයෝගිතාවය ඇතුළු තවත් සංවිධානවලට ඔහු නැතුවම බැරි සිවුරුධාරියෙකු විය.
ඒ දමිල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම සජිත්  ප්‍රේමදාසට කොන්දේසි විරහිතව පහර දෙමින් රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරිම වෙනුවෙන් ප්‍රසිද්ධියේ මැදිහත්විම නිසාය.
මේ නිසාම උතුරේ අතුරුදහන් වුවන්ගේ ඥාාතින් වෙනුවෙන් දකුණේ සිට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල වැඩසටහන්හි නැතුවම බැරි කතිකයෙකු විමට නිරන්තර ඇරයුම් බැදිවැව හිමියන් විසින් ලැබුවේය.
දමිළ ජනයාගේ අයිතින් වෙනුවෙන් දමිල බසින් පවා ඔහු දෙසුම් පවත්වන්නට යෙදුණි.
ඥාානසාරගේ බොදු බලයට එරෙහිව ආර්යන්ගේ එකමුතුව නමින් පිහිටුවා ගත් සංවිධානයේ උපදේශක තනතුරු සදහාද රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින් කිපදෙනෙකුම පත්කරගන්නටද බැදිවැව හිමි කිසිවිටක අමතක කලේ නැත.
ජාතික ප්‍රශ්ණය ගැන බැලු බැල්මට මුඛරි ලෙසින් කථාකළ නිසාම දකුණේ රාජ්‍ය නොවන සංවිධාන මහත් භක්තියකින් යුතුව බැදිවැව හිමි වැළද ගත්තේ දමිල ජනයා ගැන දකුණේ මුඛරි ලෙස කථා කරන සිවුරුධාරියෙකු කාලයකට බද්දට ගැනිමට ලද හැකියාව හේතුවෙන් පස්වනක් ප්‍රිතියෙන් පිනා යමිනි.
මේ නිසාම බැදිවැව හිමි ජිනිවා නුවර මානව හිමිකම් සමුළුවකටද රැගෙන ගොස් තිබුනේ ඉන් සිදුවිය හැකි ආනිසංස ගැන දුරදිග බලා විග්‍රහයන් ඉදිරිපත් කළ අයගේ අදහස්ද පසෙකට තල්ලුකර දමමිනි.
ජිනිවා නුවරට වැඩම කළ බැදිවැව හිමියන් ඒහි වු කැඩුන පුටුව යට සංකේතාත්මක උපවාසයක් කලේ ඇග කිලිපොලා යන ශිතලේ සිවුරපමණක් ඇදගෙනය,
ඒ දෙමළ ජනයා ගැන අවිහිංසාව පෙරදැරිකරගෙන කටයුතු කරන සිවුරුධාරින් ලංකාවේ සිටිනවා යැයි ජාත්‍යන්තරයට කියන්නට ඔහුට මෙන්ම ඔහුගේ අනුග්‍රහාකයන්ට අවැසිව තිබුණ නිසාය.
මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති රෙජිමය ආපස්සට තල්ලුකරන්නට පළමු වෙඩිමුරය තැබු ඌව පළාත් සභා මැතිවරණයේදි එජාපය දිනවිම සදහා ඡන්ද පිණ්ඩපාතයක් සංවිධානය කිරිමටද පුර්ණ අනුග්‍රාහකත්වයක් ඔහු ඇසුරේ නිබදව සිටි සංවිධාන විසින් සලසා දි තිබුණි,
මේ සියල්ලේ වාසිය තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙත එකතු කර ගත් බැදිවැව හිමි හුලං හමන අත බලා රුවල් දැම්මේ ධිවරයන් වෙනුවෙන් පක්ෂයක්ද ගොඩනගමිනි.
ජාතික ධිවර සහයෝගිතාවයේ කැදවුම්කරු හර්මන් කුමාරද එහි නායකයෙකු විය.
සුළු ජාතිය වෙනුවෙන් පණදෙන්නට සැදිපැහැදි සිටි බැදිවැව හිම සිය ප්‍රතිපත්ති අංශක 180 ක් හරවාලමින් ඔහුගේ ජන්මාන්තර වෛරක්කාරි බලවේගය වු බොදුබල සේනාවේ නයා ලකුණින්  පුත්තලම් දිස්ත්‍රික්කයට මැතිවරණයට තරගකරන්නට දැන් ඉදිරිපත්වි සිටි.
නාමයෝජනා භාරදුන් දිනයේ මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් බැදිවැව හිමි කියා සිටියේ සුළු ජාතික ඡන්ද වලින් වාසි ගන්නා දේශපාලනයට එරෙහිව මහජාතියේ අයිතින් ගැන කථා කරන්නට සහ ඒ පෙනි සිටින්නට තමන් ඡන්දයට ඉදිරිපත් වු බවය,
බැදිවැව දියසේන හිමියන්ට පුර්ණ අනුග්‍රාහකත්වය කොන්දේසි විරහිතව සැපයු රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින්ගේ අදහස මේ ලිපිය පළකරන මැදියමේ ගන්නට නොහැකි වු බවද සටහන් තබනු කැමැත්තෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here