ධීවරයන්ගේ සටන පල්ලිය පාවාදෙයිද ?

0
42

_MG_6906පොර්ට් සිටි ව්‍යාපෘතිය සදහා මුහුදෙන් වැලි හැරිමට එරෙහිව ඊයේ කතෝලික පල්ලියේ නායකත්වයෙන් ඇරඹි විරෝධතාවය දැන් සත්‍යග්‍රහයක් ලෙසින් දිගටම ක්‍රියාත්මකය.
ඒ මීගමුව මහනගර සභා භුමියේ ස්ථාපිත කර ඇති කිතුණු ප්‍රතිමාව අසලදිය.
මේ අතර අද සවස වරුවේ මීගමුවේ පියතුමන්ලා පිරිසක් අගරදගුරු නිවසට ගොස් තිබුනේ මේ පිළිබද සාකච්ජා කිරිමටය.
එහිදි ගණු ලැබු තින්දුව කුමක්දැයි සත්‍යග්‍රහයට වාඩිගෙන සිටින කිසිවෙකුත් තවමත් නොදනි.
මේ අතර අත්දැකිම් බහුල ධීවර ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මෑත ඉතිහාසය තුල ඉතාමත් ජයග්‍රාහි ලෙසින් අවසන් වු ධීවර අරගලය වන්නේ මීගමුව කලපුවේ සි ප්ලෙන් ව්‍යාපෘතියට එරෙහිව ක්‍රියාත්මක වු
දැවැන්ත විරෝධතාවය පමණක් බවය. එය එසේ ජයග්‍රාහි ලෙසින් නිමා කරන්නට හැකිවුයේම නිල කතෝලික සභාවට ඒ අරගලයේදි නායකත්වය දෙන්නට ඉඩක් අදාල ක්‍රියාකාරිකයන් විසින් ලබා නොදි ඔවුන් පැත්තකට කොට තැබිම නිසා බවය.
ඒ ඇරෙන්නට නිල කතෝලික සභාව විසින් නායකත්වය ගෙන කටයුතු කළ බහුතරයක් වු අරගල අවසන්ව තිබුනේ ධිවරයන් හට ජයඅත්කර නොදෙමිනි.
මේ අතර පසුගිය භුමිතෙල් සටන මෙන්ම ඉරණවිල ඇමරිකන් හඩ විරෝධි අරගලයද සදහන් කළ හැක.
එපමණක් නොව කලින් පැවැති අරගලවදි මරණයට හා විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලා කටයුතු කිරිමටද සැලකිය යුතු මැදිහත්විමක් නිල කතෝලික සභාවේන් තිබුනේ නැත.