ධීවරයන්ට විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් ?

0
278

කුඩා බෝට්ටු ධිවරයන්ට ආදලාව දැනට කාලයක පටන් පවතින උග්‍රතම අර්බුදය වි ඇත්තේ ඉහල ගොස් ඇති භුමිතෙල් වියදමය.
ඩිසල් සහ පෙට්ට්‍රල් වල කලින් කල යම් පමණකින් හෝ අඩුවුවද භුමිතෙල් මිළ එසේ සැලකිය යුතු ලෙසකින් අඩුවි නොමැත.

මේ පසුබිම තුල දිනපතා ධිවරයන්ට කලින්ට විශාල මුදලක් දිනපතා වැය කරමින් සිටිති.

ලංකාවේ ධීවරයන් දිනකටභූමිතෙල් වෙනුවෙන් රුපියල් පන්දාහක් දහදාහක් අතර ප්‍රමාණයක් වියදම් කරන බවත් එම වියදම අවම කිරීම සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට ලංකාවේ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ආරම්භ කර ඇති බවත් ඒවා හඳුන්වා දීම සිදු වන බවත් ඒ සඳහා චීන තානාපති වරයා සම්බන්ධ වීම පිළිබඳව තමා සන්තෝෂ වන බවද ඒම විදුලි කොෂ එන්ජින් සදහා චීන රජයේ ආධාර මත වැඩි දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අවශ්‍යය සහයෝගය ලබා දෙන ලෙස තමන් චින තනාපති වරයාගෙන් ඉල්ලා සිටින ධීවර ඇමතිවරයා පවසා තිබුණි.

තවද පානදුර ධීවර වරාය තුළ චීන ව්‍යපාරිකයින්ට සංචාරක ක්ෂත්‍රය සඳහා ආයෝජනය කිරීමට ද උදව් උපකාර කරන ලෙසද පානදුර ධීවර වරාය සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට චින ව්‍යපාරිකයන්ට එහි ආයෝජනය කිරිමට අරාධනා කරන බවද අමාත්‍ය වරයා තව දුරටත් පැවසිය.